IMG-LOGO

චීනයේ හිටපු අගමැති ලී කෙකියැං අභාවප්‍රාප්ත වෙයි

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි.

ලී කෙකියැං, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ පසුගිය මාර්තු මාසයේය. චීන කොමියුනිස්ට් පක්ෂ රජයේ, ජනාධිපතිවරයාගෙන් පසු දෙවැනිය බලවත්ම පුද්ගලයා වන්නේ අග්‍රාමාත්‍යවරයා ය.

ලී කෙකියැං අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දෙකක්, ජනාධිපති ෂී ජින්පින් සමඟ ඉතාමත් සමීපව කටයුතු කළේය.

කෙසේ නමුත් අවසන් කාලයේ ජින්පින් සහ කෙකියැං අතරේ මත ගැටුම් පැවැති බව වාර්තා විය. එම මත ගැටුම් හේතුවෙන්, ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය කෙකියැං දේශපාලනික වශයෙන් නිහඬ කළේ යැයි ද පැවැසිණි.

චීනයට වෙළෙඳපොළ ඉලක්ක කරගත් ප්‍රතිපත්ති හඳුන්වා දීමට උත්සාහ කළේ ලී කෙකියැං ය.

චීනයේ වත්මත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ලී කියැංග් ය. ඔහු එම ධුරයට පත් කරනු ලැබුවේ පසුගිය මාර්තු 11 වැනිදාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

චීනයේ හිටපු අගමැති ලී කෙකියැං අභාවප්‍රාප්ත වෙයි

Hafeel Friday, 27 October 2023 03:08 PM

දැන් අපේ පින් ජනාධිපතිට යන්න මළ ගෙයක් තියනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 955 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1335 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site