
ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි ‘බොබී’ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘බොබී’ මියගොස් ඇත්තේ පසුගිය 22 වැනිදාය. මියයනවිට බොබී අවුරුදු 31 ක් ජීවත් වී තිබුණි. සාමාන්‍යයෙන් බල්ලකුගේ ආයු කාලය අවුරුදු 15 ක් පමණය.
‘බොබී’ පෘතුග්‍රීසි ‘රෆෙරියෝ දෝ ඇලෙන්ටේජෝ’ වර්ගයේ බලු සුරතලෙකි.
‘බොබී’ගේ හිමිකරු ලයනල් කොස්ටා, මාධ්‍ය හමුවේ හැඟීම්බරව පවසා ඇත්තේ, ‘බොබී’ සත්ව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd