ඇමෙරිකාවේ මේන් ජනපදයේ ලෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීම්වලින් 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.

තුවාල ලැබූන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 60 ක් යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුවූයේ 'බෝලිං' ක්‍රීඩාගාරයක් Bowling Alley තුළ සහ ඊට නුදුරින් පිහිටි තවත් ස්ථානයකය.

වෙඩි තැබීම සිදු කළ තැනැත්තා සොයා පොලිසිය කඩිනමින් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ.

(ඒ.එෆ්.පී.)