පුටින්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා යුක්රේනයට පහර දීමට තීරණය කළ අවස්ථාවේ පටන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජනප්‍රියත්වය ගිලිහී යමින් පවතින බවත්, පුටින් තවදුරටත් ශක්තිමත් ලෝක නායකයකු ලෙස බොහෝ දෙනකු පිළි නොගන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 March 2022
රුසියන් නියෝජිතයන් 12 නෙරපා දැමේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට සම්බන්ධ වී සිටි රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් 12 දෙනකු නෙරපා හැරීමට ඇමෙරිකාව කටයුතු කර ඇත. 01 March 2022
රුසියන් ගුවන් යානාවලට තහංචි ඉල්ලයි සියලුම රුසියන් ගුවන් යානාවලට තහංචි පනවන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකානු රජයනේ ඉල්ලා ඇත. කෙසේ නමුත්, ඇමෙරිකාව පවසා ඇත්තේ එසේ තහංචියක් පැනැවීම කළ නොහැකි බවය. 01 March 2022
යුක්රේන වැසියෝ 352 ක් මරුට රුසියන් හමුදා ප්‍රහාරවලින් යුක්රේනයේ සිවිල් වැසියන් තුන්සිය පනස් දෙදෙනකු මියගොස් ඇති බවත්, කුඩා දරුවන් 14 දෙනකු ඒ අතරේ සිටින බවත් යුක්රේන රජය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 01 March 2022
යුක්රේනයට බටහිරින් අවි ආයුධ ගලයි ඇමෙරිකාව ප්රමුඛ රටවලින් දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙමින් පවතී. මේවනවිට ෆින්ලන්තයෙන් යුක්රේනයට ප්‍රහාරක ගිනිඅවි 2,500 ක්, යුද ටැංකි නාශක අවි 1,500 ක් ලැබී තිබුණි. 01 March 2022
රුසියාවට ගූගල් තහනමක් රුසියානු සමාගම්වල දැන්වීම් අන්තර්ජාලය තළ ප්‍රචාරණය තහනම් කර ඇති අතර රුසියානු සමාගම් යූ ටියුබ් ජාලයට උඩුගත කර ඇති වීඩියෝ සඳහා නැරඹුම් වාරයකට ගෙවන මුදලද ගූගල් සමාගම විසින් අත්හිටුවා ඇත. 28 February 2022
රුසියන් ගුවන් යානාවලට තහංචි යුරෝපා සංගමයේ රටවලට ඉහළින් ඇති ගුවන් කලාපය රුසියානු ගුවන් යානාවලට තහනම් බව යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධානී උර්සුලා වොන් ඩර්ලින් පවසා තිබේ. 28 February 2022
අපට යුද්ධයක් ඕනෑ නෑ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, යුද විරෝධී රුසියානුවොන් දහස් ගණනින් මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ කර ඇත. 28 February 2022
දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි. 28 February 2022
යුක්රේනයට ප්‍රහාරක යානා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි. 28 February 2022
ලොව විශාලතම ගුවන් යානයත් විනාශයි ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් ඒ.එන් 225’ ගුවන් යානය ද රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්රේන රජය පවසයි. 28 February 2022
යුක්රේන රුසියන් සාම කතා රුසියාවත් යුක්රේනයත් අතර සාමකතා අද (28) උදෑසන යුක්රේන බෙලරූස් දේශසීමාවේ ආරම්භ වීමට නියමිතව තිබුණි. 28 February 2022
රුසියාව ස්විෆ්ට් පද්ධතියෙන් ඉවතට රුසියානු බැංකු, ජාත්‍යන්තර ස්විෆ්ට් මුදල් හුවමාරු සේවා පද්ධතියෙන් ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය එකගත්වය පළ කර තිබේ. 27 February 2022
මෝදි සටන් විරාමයක් ඉල්ලයි රුසියන් ජනාධිපති පුටින් යුක්රේන ට පහර දීමට අණ කළ අවස්ථාවේ පටන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පුමුඛ රජය දිගින් දිගටම පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ සටන් නවත්වා සාම ක්‍රියාවලියක් අරඹන ලෙසය. 27 February 2022
ඉන්දියාවෙන් දේශපාලනික සහාය ඉල්ලයි තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් දී, යුක්රේන රුසියානු අර්බුදයදී, දේශපාලනික වශයෙන් සහයා දක්වන්නැයි ඉල්ලීමක් කළ බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. 26 February 2022
කියෙව් අගනුවරට ඇඳිරිය යුක්රේන රජය පැනැවූ හමුදා නීතියට අමතරව, කියෙව් අගනුවරට ඇඳිරි නීතිය පනවා ඇත. 26 February 2022
කියෙව් අගනුවර දරුණු අවි ගැටුම් යුක්රේනයේ කියෙව් අගනුවර වීදිවල රුසියන් හමුදා සොල්දාදුවන් සහ යුක්රේන හමුදා සොල්දාදුවන් අතරේ දරුණු අවි ගැටුම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 26 February 2022
අභ්‍යවකාශ කටයුතුවලටත් බාධා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලට පමණක් නොව, ඉදිරියේ දී රුසියාව හවුල් කර ගනිමින් සිදු කිරීමට නියමිත විශ්ව ගවේෂණ කටයුතු ද අඩපණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26 February 2022
රැජිනගේ තත්ත්වය හොඳ අතට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී, වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන දෙවැනි එලිසබත් මහ රැජිනගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි. 26 February 2022
කොරෝනා නිසා පුටින්ගේ ඔළුව විකාර වෙලා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ගැනීම රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අභිමතය පරිදි සිදුවූවක් බවත්, රුසියන් සෙනෙට් මණ්ඩලය යුක්රේනයට රුසියන් හමුදා යැවීමට අනුමැතිය දුන්නේ පුටින්ට ඇති බිය නිසා බවත් බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි. 26 February 2022
පාප්තුමන්ගේ විරෝධය පුටින්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. 26 February 2022
බල්ගේරියානු ගුවන් කලාපය තහනම් රුසියානු ගුවන් යානාවලට බල්ගේරියානු ගුවන් සීමාව තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ. ඒ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමිණි. 26 February 2022
යුක්රේනයට අමතර ආරක්ෂාවක් දෙනවා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් අනුව, යුක්රේන රජයට සහ හමුදාවට අමතර ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා බව පෙන්ටගනය පවසයි. 26 February 2022
රුසියන් පෞද්ගලික යානාවලට තහංචි රුසියානු පෞද්ගලික ජෙට් යානාවලට, මහා බ්‍රිතාන්‍යයට අයත් ගුවන් සීමාව හරහා පියාසර කිරීමට ඉඩ නොදෙන බව බ්‍රිතාන්‍ය රජය තීරණය කළේ යැයි එරට ප්‍රවාහන අමාත්‍ය ග්‍රෑන්ට් ෂෙප්ස් පවසයි. 26 February 2022
ලොව බලගතුම රට අපට පිටුපෑවා ඇමෙරිකාව රුසියාවට එරෙහිව පැනැවූ නව සම්බාධකවලින් රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම වැළැක්වීමට නොහැකි යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 25 February 2022
අභියෝග කළ යුක්රේන කාන්තාව යුක්රේනයට ඇතුළු වුණු රුසියන් හමුදා සොල්දාදුවන්ට යුක්රේන සිවිල් වැසියන්ගෙන් ද අභියෝගයක් එල්ල වී තිබේ. 25 February 2022
ඇමෙරිකාවෙන් යුක්රේනයට අවි ආයුධ රුසියන් ආක්‍රමණයට විරෝධය පළ කරමින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ක අවි ආයුධ යුක්රේනයට යැවීමට ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. 25 February 2022
ඉම්රාන්ට පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක් යුක්රේන රුසියානු අර්බුදය මුල්කොට ගනිමින්, තෙවැනි ලෝක යුද්ධයක් හට ගනීවි යැයි බියක් නිර්මාණය වී ඇති අවස්ථාවක, දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. 25 February 2022
තුවක්කුවක් අරගෙන සටනට සූදානම් වෙන්න යුක්රේන හමුදාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් හැකියාව ඇති සියලු දෙනාම තුවක්කුවක් රැගෙන සටනට සුදානම් වන ලෙසත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජනතාව අමතා ප්‍රකාශ කළේය. 24 February 2022
ඉම්රාන් මොස්කව් යයි පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත් විය. පාකිස්තාන නායකයකු වසර 23 කට පසු රුසියාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. 23 February 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026