යුරෝපා සංගමයේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින්, 60 ට වැඩි සියලු දෙනාට, ‘කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා දෙවැනි බූස්ටර් එන්නතක් ලබාදීමට ඉතාලිය තීරණය කර තිබේ.

යුරෝපා සංගමයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ, ‘කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘතියෙන් බිහිවුණු විකෘති උප ප්‍රභේද හේතුවෙන් යුරෝපා කලාපයේ යළි ‘කොවිඩ් 19’ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින්, දෙවැනි බූස්ටර් එන්නක් සඳහා තමන් අවසරය ලබා දෙන බවය.

ඒ අනුව ඉතාලි රජය එරට 60 ට වැඩි සියලු දෙනා සඳහා දෙවැනි බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම ජූලි මාසය ආරම්භ වෙද්දී ඉතාලියේ ද ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

පසුගිය පෙබරවාරියෙන් පසු දෛනිකව වාර්තාවන ආසාදිතයන් ගණන 1,00,000 පසු කර ඇතැයි ද පැවැසෙයි. රෝහල්ගත කිරීමට සිදුවුණු ආසාදිතයන් ගණන ද දිනෙන් දින ඉහළ යමින් පවතී.

(රොයිටර්)