IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉතාලියේ වැඩිහිටියන්ට දෙවැනි බූස්ටර් එන්නතක්

යුරෝපා සංගමයේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින්, 60 ට වැඩි සියලු දෙනාට, ‘කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා දෙවැනි බූස්ටර් එන්නතක් ලබාදීමට ඉතාලිය තීරණය කර තිබේ.

යුරෝපා සංගමයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ, ‘කොවිඩ් 19 ඔමික්‍රොන්’ විකෘතියෙන් බිහිවුණු විකෘති උප ප්‍රභේද හේතුවෙන් යුරෝපා කලාපයේ යළි ‘කොවිඩ් 19’ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බැවින්, දෙවැනි බූස්ටර් එන්නක් සඳහා තමන් අවසරය ලබා දෙන බවය.

ඒ අනුව ඉතාලි රජය එරට 60 ට වැඩි සියලු දෙනා සඳහා දෙවැනි බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම ජූලි මාසය ආරම්භ වෙද්දී ඉතාලියේ ද ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

පසුගිය පෙබරවාරියෙන් පසු දෛනිකව වාර්තාවන ආසාදිතයන් ගණන 1,00,000 පසු කර ඇතැයි ද පැවැසෙයි. රෝහල්ගත කිරීමට සිදුවුණු ආසාදිතයන් ගණන ද දිනෙන් දින ඉහළ යමින් පවතී.

(රොයිටර්)



අදහස් (0)

ඉතාලියේ වැඩිහිටියන්ට දෙවැනි බූස්ටර් එන්නතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site