මධ්‍යම ආසියාවට අයි.එස්. තර්ජන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධාන තම අවධානය මධ්‍යම ආසියාව වෙත යොමු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 20 April 2022
පාකිස්තානයට නව කැබිනට්ටුවක් පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේය. 20 April 2022
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉන්දියාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ජම්නගාර් නුවරට පැමිණියේය. 20 April 2022
බ්‍රිතාන්‍ය අගමැති යළි සමාව ඉල්ලයි ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, රට ලොක්ඩවුන් කර තිබියදී, සෞඛ්‍ය නීති කඩමින් උපන් දින සාදයක් පැවැත්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් යළිත් වරක් සමාව ඉල්ලුවේය. 20 April 2022
ට්විටර් මිලදී ගන්න මස්ක් කැමැත්තෙන් බිලියනපති ව්‍යවසායක ඉලෝන් මස්ක් ‘ට්විටර්’ සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබේ. ‘ට්විටර්’ සමාගම පවරා ගැනීමේ ලංසුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 43 ක් යැයි වාර්තා වේ. 19 April 2022
‘ඩොන්බාස්’ පළාත වෙනුවෙන් සටන් ඇරැඹේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාත අල්ලා ගැනීම වෙනුවෙන් රුසියාව සටන් ආරම්භ කර ඇති බවත්, ඩොන්බාස් පළාත රුසියාවට අයිතිවීමට ඉඩ නොදෙන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. 19 April 2022
බටහිර සම්බාධක අසාර්ථකයි - පුටින් රුසියාව අඩපණ කිරීමේ අරමුණින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කොතෙකුත් සම්බාධක පැනැවූවත්, එම සම්බාධකවලින් රුසියාව අඩපණ නොවූ බවත් රුසියාව තවත් ශක්තිමත් වී සිටින බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. 19 April 2022
පොදු ප්‍රවාහනයේ මාස්ක් අනිවාර්ය කරන්න රජයට බෑ බස්රථ, දුම්රිය සහ ගුවන් යානා ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට ඇමෙරිකන් රජය ගත් නියෝගය නීති විරෝධී යැයි ෆ්ලොරීඩා ප්‍රාන්ත ෆෙඩරල් විනිසුරුවරයකු තීන්දු කර තිබේ. 19 April 2022
සෝමාලියාවේ පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්රස්තවාදීහු මෝටාර් ප්‍රහාරයක් එල්ල කළහ. 19 April 2022
ඉන්ධන ගන්න සල්ලි නෑ: පාකිස්තානයේ විදුලිය කැපේ විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ. 19 April 2022
නව අගමැති කැබිනට් මණ්ඩලය පත් කරයි පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අද (18) නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව වාර්තා වේ. නව කැබිනට් මණ්ඩලය පත් කෙරෙනු ඇත්තේ සතියක ප්‍රමාදයකින් පසුවය. 18 April 2022
මරියුපෝල් සොල්දාදුවන්ට යටත් වෙන්න කියයි යුක්රේනයේ මරියුපෝල් නගරයේ සිටින යුක්රේන සොල්දාදුවන්ට තම ජීවිත බේරා ගැනීමට අවශ්‍ය නම්, වහා අවි බිම දමා යටත් වන්නැයි රුසියන් ආරක්ෂක අමත්‍යංශය පවසා තිබේ. 18 April 2022
ෂැංග්හායි නුවරින් පළමු කොරෝනා මරණ චීනයේ ෂැංග්හායි නුවර කොරෝනා වයිරසය අසාදනය වූ තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. චීන සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ෂැංග්හායි නුවරින් කොරෝනා මරණ වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. 18 April 2022
දිල්ලියේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිලෙයි ඉන්දියාවේ දිල්ලි නගරයේ ජහන්ගීර්පූරි ප්‍රදේශයේ පසුගිය දා පැවැත්වුණු ‘හනුමාන් ජයන්ති’ හින්දු ආගමික උත්සවය අතරතුර හින්දු මුස්ලිම් ගැටුමක් හටගත් අතර, එය මේ වනවිට ඔඩුදිවීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 18 April 2022
යුක්රේන සංචාරයකට ඇරැයුම් යුක්රේනයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට ඇරැයුම් කර තිබේ. 18 April 2022
නැගෙනහිර යුක්රේනය රුසියාවට දෙන්නේ නෑ රුසියාවට මායිම්ව පිහිටි යුක්රේනයේ නැගෙනහිර පළාත් රුසියාවට අයිතිවීමට කිසිසේත් ඉඩ නොදෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 18 April 2022
නව මාදිලියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බලයි තමන් නව මාදිලියේ න්‍යෂ්ටික අවියක් අත්හදා බැලූ බවත්, එමගින් තම න්‍යෂ්ටික ශක්තිය තවත් තරකර ගැනීමට හැකිවුණු බවත් උතුරු කොරියාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 18 April 2022
ශුද්ධෝත්තම පාප්තුමා යුක්රේනයට සාමය පතයි පාස්කු දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් යුක්රේනයට සාමය ප්‍රාර්ථනා කළේය. පසුගිය පෙබරවාරියේ සිට රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගනු ලබන හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන්, යුක්රේන සිවිල් වැසියන් මියයෑම, තුවාල ලැබීම සහ දේපොල හානිය පාප්තුමන්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් විය. 18 April 2022
පාකිස්තානයෙන් මිසයිල ප්‍රහාරයක් පාකිස්තාන හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් මියගිය බව ඇෆ්ගන් තලේබාන් රජය චෝදනා නගයි. 17 April 2022
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ, කොලොම්බියා නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් 14 දෙනෙක් තුවාල ලැබූහ. 17 April 2022
යුක්රේනයේ සැබෑ තත්ත්වය හංගනවා රුසියානු විශේෂ යුද මෙහෙයුම හේතුවෙන් යුක්රේන හමුදාවන්ට සිදු වූ හානි යුක්රේන රජය වසන් කරන බව රුසියාව චෝදනා කරයි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ පසුගිය පෙබරවාරියේය. 17 April 2022
දින 183 කින් ආපසු එති ’ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින්, දින 183 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටි චීන ගගනගාමීහු තිදෙනා යළි පෘථිවියට පැමිණියහ. 16 April 2022
තෙවැනි ලෝක යුද්ධය ඇරැඹුණා යුක්රේනයට පහර දීමට ගිය රුසියානු නාවික බලඇණියට අයත් ’මොස්ක්වා’ නමැති යුද නැව ප්‍රහාරයකට ලක් වී ගිලී යෑමත් සමඟ රුසියානු රජයේ පුවත් සේවා වාර්තා කරන්න වූයේ ’තෙවැනි ලෝක යුද්ධය’ ආරම්භ වී ඇති බවය. 15 April 2022
හැරී මෙගාන් රැජින බලන්න ගිහිල්ලා රාජකීය තනතුරු අතහැර, රාජකීය කටයුතුවලින් ද ඉවත් වී, ස්ථිර පදිංචිය සඳහා ඇමෙරිකාවට ගිය හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල්, නෙදර්ලන්තය බලා යන අතරතුරේ, මහා බ්‍රිතාන්‍යයට පැමිණ දෙවැනි එලිසබත් මහ රැජින මුහුණට මුහුණ හමුවූහ. 15 April 2022
කොරෝනා අවතක්සේරු කරන්න එපා ’කොවිඩ් 19’ කොරෝනා වයිරසය තවමත් ගෝලීය වසංගතයක් බැවින් එය කිසිසේත් අවතක්සේරු නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසින්ගෙන් ඉල්ලා සිටී. 15 April 2022
පුවත් නිවේදිකාවට සැප නවාතැනක් තෑගි පුවත් නිවේදිකාව ලෙස කටයුතු කරන රී චොන් හී ට සියලු පහසුකම්වලින් සමන්විත සුඛෝපබෝගී නවාතැනක් තෑගි කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත. 14 April 2022
ආලියාට රන්බීර්ට මංගල සීනු බොලිවුඩ් රිදී තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වූ ආලියා බාත් සහ රන්බීර් කපූර්ගේ මංගල උත්සවය අද (14) ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි. 14 April 2022
සාද දැම්මාට සමාව ඉල්ලයි 2020 වසරේ ’කොවිඩ් 19’ වසංගතය දරුණු ලෙස පවතිද්දී, සෞඛ්‍ය අංශ පැනැවූ ලොක්ඩවුන් තහංචි උල්ලංගනය කර, ඩවුනිං වීදියේ අංක 10 අග්‍රාමාත්‍ය නිල නිවසේ සාද පැවැත්වීම සම්බන්ධයෙන් වරදකරු වුණු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජනතාවගෙන් දැඩි ලෙස සමාව ඉල්ලා සිටියේය. 13 April 2022
මෙයා අරන් අපේ අය නිදහස් කරන්න! තම අත්අඩංගුවේ පසුවන රුසියන් හිතවාදිවකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු ලෙස ද සැලකෙන දේශපාලනඥ වික්තර් මෙද්වේචොක් බාරගෙන, රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන යුක්රේන තරුණ තරුණියන් නිදහස් කරන්නැයි යුක්රේන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ. 13 April 2022
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 12 April 2022
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026