
යුක්රේනයේ බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව, යුක්රේන සංස්කෘතියට පමණක් නොව මුළු ලොවටම ඉතා වැදගත් බව පෙන්වා දෙමින්, අභාවයට යමින් පවතින බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව රැක ගැනීමේ ද අරමුණින් එය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට ‘යුනෙස්කෝ’ හෙවත් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ඒජන්සිය තීරණය කර තිබේ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ යුද්ධය හේතුවෙන් එල්ල වූ බලපෑම් බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාවට තර්ජනයක් වී ඇති බවත් එය ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි තීරණයක් ගත් බවත්, බෝර්ෂ්ච් සුප් පිසීමේ කලාව, යුනෙස්කෝ ලෝක උරුමයක් කළ බවත් යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්රේන සුප් එක. විහිළු කරන්න එපා මෝඩ හරකුනේ. ඔය ගොන් සෙලෙන්ස්කියාව ෆෝම් කරන්නේ නැතුව හිටියානම් එක යුක්‍රේන මනුස්සයෙක්වත් මැරෙන්නේ නෑ. ඔබලා ඉරාකෙට ගහද්දී ඒකේ කෞතුකාගාරේ තිබුණා අවුරුදු 7000 ක් පරණ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයට අයිති කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක්. කෝ ඒවා ටික? වියට්නාමයට ගහලා විනාශ කරපු ඔවුන්ගේ සංස්කෘතියේ නැති වෙච්චි දේවල් වලට මොකද වුනේ..?