
චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සන්ධානය වැනි යුද සන්ධානයක් පිහිටුවීමට ඇමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව සාකච්ඡුා පවත්වමින් සිටී.
1949 වසරේ දී ‘නේටෝ’ සංවිධානය පිහිටුවීම සිදුවූයේ ඇමෙරිකාවේ සහ කැනඩාවේත්, බටහිර යුරෝපා රටවලත් මැදිහත් වීමෙනි. ඒ, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින්ය. අද ‘නේටෝ’ සංවිධානයට රටවල් 30 කට වඩා එක් වී සිටී.
ජපානය හෝ දකුණු කොරියාව ‘නේටෝ’ සාමාජික රටවල් නොවන අතර, පසුගිය දා ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් අගනුවර පැවැත්වුණු ‘නේටෝ’ මහ සමුළුවට ජපාන අග‍්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ දකුණු කොරියන් ජනාධිපති යූන් සීක් යූල් සහභාගී වූහ.
‘නේටෝ’ සමුළුවකට ජපාන අග‍්‍රාමාත්‍යවරයකු සහ දකුණු කොරියානු ජනාධිපතිවරයකු සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd