
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ සිදුවුණු වෙඩි තැබීම, ත්‍රස්ත ප්‍රහාරයක් නොවේ යැයි පොලිසිය පවසයි.
වෙඩි තැබීම කළේ 22 හැවිරිදි ඩෙන්මාර්ක ජාතික තරුණයෙකි. මොහු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයකු බවත්, දීගු කාලයක් තිස්සේ එම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගන්නා අයකු බවත් අනාවරණය වී ඇත.
වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය ගණන 3 කි. තවත් 10 දෙනකු තුවාල ලැබූ බව වාර්තා විය.
වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක් යැයි පොලිසිය පැවැසුවේ වෙඩි තැබීම කළ තරුණයා අත්අඩංගුවට ගත් අවස්ථාවේදීය. තරුණයා ගැන තොරතුරු පොලිසිය අනාවරණය කර ගත්තේ ඉන්පසුවය. ඒ අනුව එය ත්‍රස්ත ප්‍රහඑාරයක් නොවන බව පොලිසිය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd