IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැරිස් අගනුවර බලා ගිය අවස්ථාවේදීය.

පැරිස් අගනුවර ඉලීසේ මාලිගාව හෙවත් ජනාධිපති මන්දිරයට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් කටයුතු කළේය.

ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය අතර පළුඳු වී තිබුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සමත් විය.

පසුගිය වසරේ ඔක්තෝබරයේ ඕස්ට්‍රේලියාවේ පැවැතියේ ලිබරල් පක්ෂය ප්‍රමුඛ රජයකි. අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ලිබරල් පක්ෂ නායක ස්කොට් මොරිසන්ය. මොරිසන් රජය, ප්‍රංශ රජය සමඟ ගිවිසුම් ඇති කරගෙන තිබුණේ ඕස්ට්‍රේලියාවට ප්‍රංශ සබ්මැරීන ලබා ගැනීමටය. මෙය බිලියන ගණනක ගනුදෙනුවක් විය.

කෙසේ නමුත්, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සබ්මැරීන තාක්ෂණය ඕස්ට්‍රේලියාවට ලබා දීමටත්, න්‍යෂ්ටික බලැති සබ්මැරීන් එකලැස් කිරීමට ඕස්ට්‍රේලියාවට අවස්ථාවක් ලබා දීමත් සමඟ ස්කොට් මොරිසන්ගේ රජය ප්‍රංශය සමඟ ඇතිකරගෙන තිබුණු ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක ගිවිසුම අවලංගු කළේය.

මෙය ප්‍රංශයේ අප්‍රසාදයට හේතුවක් වූ අතර, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව අතරේ හිත් අමනාපකම් ඇති විය. තමන් හිතවතකු ලෙස සැලකූ ඕස්ට්‍රේලියාව, තමන්ගේ පිටට පිහියෙන් ඇන්නා යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් එම අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවට දෙහි කපමින් පැවැසුවේය. අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් බොරුකාරයකු යැයි ප්‍රසිද්ධියේ චෝදනා නැගුවේය.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ප්‍රංශ ජනාධිපති හමුවූයේ එම හිත් අමනාපකම් මඟ හරවා ගැනීමේ අරමුණින්ය.

ඇල්බනීස් සහ මැක්රොන් හමුවෙන් පසු මාධ්‍යවේදීන් මැක්රොන්ගෙන් ප්‍රංශ කළේ අග්‍රාමාත්‍ය ඇල්බනීස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සමාව ඉල්ලිය යුතු බවත්, ඔහු එසේ සමාව ඉල්ලීමක් කළාදැයි කියාය.

“සිදුවුණු දේට අග්‍රාමාත්‍ය ඇල්බනීස්ගේ සම්බන්ධයක් නැහැ. ඔහු මා හමුවන්න ආවේ අතීතය ගැන කතා කරන්න නොවෙයි; අනාගතය ගැන කතා කරන්නයි.” යැයි ප්‍රංශ ජනාධිපති මැක්රොන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.  

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රංශ ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site