IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඊයේ (30) සියයට දෙකකට ආසන්න අගයකින් ඉහළ ගියේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙල් මිල ගණන් මෙන්ම ආසවන හා පිරිපහදු ක්‍රියාවලියට අදාළ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ගෝලීය වෙළෙඳපොළ තෙල් මිල ගණන් ඉහළ ගියේ ය.

ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇතැයි මේ වනවිට සැකයක් ද ඇති වී තිබෙන අතර ගෝලීයව බොරතෙල් සැපයුම සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබේ.

බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සියයට 1.5කින් ඇමෙරිකානු ඩොලර් 116.26ක් දක්වා පහත වැටුණු අතර එය ඇමෙරිකානු ඩොලර් 1.72ක අඩු වීමකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සියයට 1.8කින් ඇමෙරිකානු ඩොලර් 109.78ක් දක්වා පහත වැටුණු අතර එය ඇමෙරිකානු ඩොලර් 1.98ක අඩු වීමකි.

නව කොරෝනා වයිරස වසංගතය බලපෑ මුල් කාලය වූ 2020 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පසුගිය සතියේ දී නිෂ්පාදනය ඉහළ ගියේ ය. එසේ වුවත් එම සතියේ දී ඇමෙරිකාවේ බොරතෙල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ වැටුණු බව එරට බලශක්ති තොරතුරු පාලනාධිකාරිය සඳහන් කළේ ය.

පිරිපහදුවල ක්‍රියාකාරකම් වැඩි වූ නිසා ඉන්ධන තොග ඉහළ ගිය අතර ධාරිතාවයෙන් සියයට 95ක් දක්වා ඒවායේ කටයුතු සිදු ව ඇත. එය අවුරුදු හතරකින් පසු වාර්තා වූ ඉහළම ක්‍රියාකාරීත්වය යි.

(රොයිටර්)

 



අදහස් (0)

ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site