
ලිබියාවේ ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු කලහකාරී විරෝධතාකරුවෝ, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තැබූහ.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක නිලධාරීන්ට පහර දෙමිනි. විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ටයර් පිළිස්සූ බව ද ලිබියානු මාධ්‍ය වාර්තා කළේය.
තෙල් සම්පතින් පොහොසත් මැදපෙරදිග රාජ්‍යයක් වුවත් ලිබියාව, අද වනවිට දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් ද අස්ථාවර වූ රාජ්‍යයකි. අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව දිනෙන් දින ඉහළ යයි.
ලිබියාවේ පවතින්නේ අන්තර්වාර රජයක් වන අතර එම රජයට නායකත්වය දෙන්නේ අබ්දෙල් හමීද් ඩලීබා ය. කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා දේශපාලනික අර්බුදය විසඳන බවට අබ්දෙල් හමීද් ඩලීබා පොරොන්දු වී ඇති නමුත් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දිනෙන් දින කල් යයි.
මෙය ජනතා විරෝධයට හේතුවක් වී ඇති අතර ලිබියාවේ ට්‍රිපොලි අගනුවර සහ සෙසු ප්‍රධාන නගර රැසකම ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. ටොබ්රුක් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එහි කොටසක් ගිනි තබා විනාශ කළේ එම විරෝධතාවලට එක්වන ලිබියානු වැසියන්ය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිබියානු පාර්ලිමේන්තුවට ගිනි තබති