
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන්, වසර දෙකක තහනමකින් පසු, චීනය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවසර ලබා දී තිබේ.
‘කොවිඩ් 19’ වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනෙය් හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය. චීනය සිය ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා තහනමක් පැනැවීම කළේ චීනයෙන් වයිරසය වෙනත් රටවලට ව්‍යාප්තවීමත්, වෙනත් රටවලින් විකෘති වයිරස ප්‍රභේද චීනයට පැමිණීමත් වළක්වා ගැනීමටය.
වසර දෙකකට පසු, චීනය යළි ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර ඇත්තේ, ආසාදිතයන් සඳහා නිරෝධායන කාලසීමාව දින 7 කට අඩු කිරීමෙනි. චීනයට පැමිණෙන විදේශිකයන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් බව තහවුරු වුවහොත් ඔවුන් දින 7 ක් හෝටල කාමරවල නියෝධානය විය යුතුය.
ආරම්භයේ පටන් චීනයේ ප්‍රතිපත්තිය සෑම ‘කොවිඩ් 19’ ආසාදිතයකුම හඳුනා ගෙන ඔවුන් වෙන්කර සමාජයෙන් ‘කොවිඩ් 19’ තුරන් කිරීමය.
ලක්ෂ ගණනක් වෙසෙන පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර සෑම කෙනකුම ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කර ආසාදිතයන් සොයා ගැනීම ආශ්‍රිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීම ඒ අනුව සිදුවෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය යළි ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹයි