
ජපානයේ විදුලිය උප පොළකට සර්පයකු රිංගා ගත් සර්පයකු හේතුවෙන් කොරියාමා නගරයේ 10,000 කට පැය ගණනක් විදුලිය බලය අහිමි විය.
කොරියාමා නගරය ඇත්තේ ෆුකුෂිමා පළාතේය. සර්පයා රිංගා ගොස් ඇත්තේ, ටොහොකු විදුලි බල සමාගමට අයත් විදුලිය උප පොළකටය.
විදුලිය සැර වැදීමෙන් සර්පයා මියගොස් ඇත්තේ විදුලි ජනක යන්ත්‍ර අඩපණ කරමිණි. ඒ අනුව, විදුලිය සැර වැදීමෙන් අගුරු වුණු මියගිය සර්පයා ඉවත් කර, විදුලිය බල සැපැයුම යළි යථා තත්ත්වයට පත් කිරීමට විදුලි ඉන්ජිනේරුවන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඕක මොකක්ද? අපේ විදුලිබල මණ්ඩලයටම සර්පයෝ රිංගාගෙන ඉන්නේ...!