
ඇමෙරිකාවේ 116 වැනි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් දිවුරුම් දුන්නාය. කෙටන්ජි බ්‍රවුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු කළු ජාතික විනිසුරුවරිය වීම විශේෂත්වයකි.
51 වැනි වියේ පසුවන කෙටන්ජි බ්‍රවුන් ජැක්සන්, 2013 වසරේ සිට ෆෙඩරල් විනිසුරුවරියක් ලෙස සේවය කර තිබේ.
කෙන්ජි බ්‍රවුන් ජැක්සන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් වන සෝනියා සොටෝමේයර්, එලේනා කැගන් සහ ඒමි කෝනි බැරට් සමග කටයුතු කරනු ඇතැයි පැවැසෙයි.
විනිසුරුවන් 9 දෙනෙකු සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරියන් හතර දෙනෙක් සේවය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉකුත් අප්‍රේල් මාසයේ සෙනෙට් සභාව කෙටන්ජි බ්‍රවුන් ජැක්සන් ගේ පත්වීම වැඩි ඡන්දයෙන් අනුමත කළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd