
රුසියන් ආක්‍රමණය හමුවේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, තමන්ටත්, තම රජයටත්, තම ජනතාවටත් හොඳ මිතුරකු වූ බව පවසමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කනගාටුව පළ කර තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පසුගිය කාලයේ අවස්ථා දෙකකදී යුක්රේනයට ගොස්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවී, බ්‍රිතාන්‍යයේ සහාය යුක්රේනයට ලබා දුන්නේය.
රුසියන් හමුදා ආක්‍රමණයට මුහුණ දීමට යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීමට මූල්‍ය සහාය ලබා දීමට මැදිහත් වී කටයුතු කළේ අග්‍රාමාත්‍ය ජොන්සන්ය. බ්‍රිතාන්‍ය හමුදාවේ විශේෂ පුහුණුවක් යුක්රේන හමුදා සොල්දාදුවන්ට ලබා දීමට ද අග්‍රාමාත්‍ය ජොන්සන් කටයුතු කළේය.
සිය පාලක කොන්සවර්ටිව් පක්ෂය තුළින් නැගුණු අප්‍රසාදය සහ විරෝධය හේතුවෙන් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමු ගන්නා බව නිවේදනය කළ සැණින්, යුක්රේන ජනාධිපති සෙලෙස්කී, ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ අග්‍රාමාත්‍ය නිල නිවසට ඇමතුමක් ලබා දුන් බව ද වාර්තා වේ. ඒ, ජොන්සන්ගේ සුව දුක් විමසීමටය.
‘ස්තුතියි. බොරිස් ජොන්සන්. යුක්රේනයට ඔබ දුන් සහාය අපට අමතක වෙන්නේ නැහැ. ඔබ යුක්රේනයේ සැබෑ මිතුරෙක්’ යනුවෙන් සෙලෙන්ස්කී සිය ට්විටර් පණිවුඩයේ ද සටහනක් දමා තිබේ.
යුක්රේන අර්බුදයේ දී රුසියාවට විරෝධය දක්වමින්, යුක්රේනයට සහාය දැක්වීම සම්බන්ධයෙන් රුසියානු රජය, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන සතුට පළ කර තිබේ.
‘ඔහු (අග්‍රාමාත්‍ය ජොන්සන්) අපට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසා අපත් ඔහුට කැමැත්තක් දැක්වූයේ නැහැ.’ යනුවෙන් ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. ඉතිරියේ දී නීති ගරුක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයකු පත් වනු ඇති බව ද ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් වැඩි දුරටත් කියා සිටියේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd