බ්‍රිතාන්‍යයේ එම්.අයි. 15 බුද්ධි අංශය සහ ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ‘චීනයේ ආර්ථික ඔත්තු බැලීම්’ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.
පසුගිය දා ලන්ඩන් නුවරදී එම්.අයි. 15 බුද්ධි අංශ ප්‍රධානීන් සහ එෆ්.බී.අයි. ප්‍රධානීන් අතර සමුළුවක් පැවැත්වුණු අතර, ආර්ථිකමය වශයෙන් චීනය සිදු කරන ඔත්තු බැලීම් සම්බන්ධ අනාවරණය කෙරුණි.
‘චිනය ඉතාමත් රහසිගතව ඔවුන්ගේ මෙම ආර්ථික ඔත්තු බැලීම් සිදු කරනවා. රට රටවලට පිඩනයක් එල්ල කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා’ යනුවෙන් ලන්ඩන් නුවර පැවැත්වුණු සමුළුවේදී බ්‍රිතාන්‍යයේ එම්.අයි. 15 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැක්කලම් පෙන්වා දුන්නේය.
මේ අතර බටහිර සමාගම්වලින් තාක්ෂණික රහස් සොරා ගැනීමට ද චීනය යොමු වී ඇති බැවින් ඒ ගැන අවධානයෙන් පසුවන්නැයි එෆ්.බී.අයි. ප්‍රධානී ක්‍රිස් වේරී පෙන්වා දුන්නේය.
එම්.අයි. 15 බුද්ධි අංශය සහ එෆ්.බී.අයි. ආයතනය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව චීන විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනක සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආරක්ෂක අංශ චීනය ගැන විමසිල්ලෙන්