IMG-LOGO

රිෂී සුනාක් අගමැති ධුරය අපේකෂාවෙන්

බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක්ට හිමිවීමට ඉඩ ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍ය ධුරයට සමුදීමත් සමඟ පක්ෂ නායකත්වයෙන් ද ඉවත් විය.

කොන්සවර්ටිව් පක්ෂය රැස්වී, නව නායකයකු තෝරා ගැනීම සිදු කිරීමට නියමිත අතර රිෂී සුනාක් ඇතුළු පක්ෂයේ ප්‍රබලයක් කීප දෙනෙක් පක්ෂ නායකත්වය සඳහා අයැදුම් කිරීමට සූදානමින් සිටිති.

නව නායකයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ පක්ෂය අභ්‍යන්තරයෙනි.
අවසානයේ වැඩිම මනාප ලබා ගන්නා අපේක්ෂකයන් දෙදෙනා අතරේ ඡන්ද විමසුමක් පැවැත්වෙන අතර වැඩිම මනාප ගන්නා තැනැත්තා පක්ෂයේ නායකයා බවට පත් වෙයි.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ පිළිකුළට ලක් වූයේ ලොක්ඩවුන් සමයේ අගමැති නිල නිවසේ සාද පැවැත්වීම සහ කාන්තාවන් දෙදෙනකුට ලිංගික අඩන්තේට්ටම් කළේ යැයි චෝදනා ලැබූ මන්ත්‍රී ක්‍රිස් පින්චර් ට රජයේ ඉහළ තනතුරක් ලබා දීම හේතුවෙනි.

ජොන්සන්ට විරෝධය දක්වමින් පළමුවෙන් ඉල්ලා අස්වුණු කැබිනට් ලේකම්වරුන් (අමාත්‍යවරුන්) දෙදෙනා වන්නේ රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෙබවූ සජීඩ් ජාවිඩ් ය. රිෂී සුනාක්  ඉන්දීය සම්භවයක් ඇති අයකු වන අතර සජීඩ් ජාවිඩ් පාකිස්තාන සම්භවයක් ඇත්තෙකි.

රිෂී සුනාක්ට අමතරව, වෙළෙඳ ලේකම් (ඇමැති) පෙනී මෝර්ඩෝන්ට්, ආරක්ෂක ලේකම් (ඇමැති) බෙන් වොලන්ස්, විදේශ ලේකම් (ඇමැති) ලිස් ටස් සහ ධුරයෙන් ඉවත් වුණු සෞඛ්‍ය ලේකම් (ඇමැති) සජීඩ් ජාවිඩ් ද පක්ෂ නායකත්වය වෙනුවෙන් තරග වදිනු ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රිෂී සුනාක් අගමැති ධුරය අපේකෂාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 76 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 572 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site