ජපන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් පත් කර ගැනීමේ මැතිවරණය ඊයේ (10) පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී.
ජපාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුත් පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ට දිගටම බලය තහවුරු කර ගැනීමට හැකි වී ඇති බවය.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අවස්ථා දෙකකදී හැර ජපානයේ පාලක පක්ෂය ලෙස බලයේ රැඳී සිටී. පසුගිය 8 වැනිදා ඝාතනයට ලක් වුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ නියෝජනය කළේ ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. අබේගේ සීයා පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියෙකි.
67 හැවිදිරි ෂෙන්සෝ අබේ ඝාතනයට ලක් වූයේ වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට සහාය පළ කරමින්, මැතිවරණ රැළියක් අමතමින් සිටිද්දීය. අබේගේ ඝාතනයෙන් පසු සිය පක්ෂයේ මැතිවරණ රැළි අවලංගු කිරීමට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කටයුතු කර තිබුණි.
ජපාන පාර්ලිමේන්තුවේ ආසන 248 න් 125 ක්, ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ‘කවුන්සිලර්’ මණ්ඩලයට හිමිය. ජපන් මාධ්‍ය වාර්තා කළ අන්දමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 63 කට වඩා ජයග්‍රහණය කර තිබුණි. ඒ අනුව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බහුතරය තහවුරු කර ගැනීමට හැකිවිය.
ජපානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන්නේ, ෆුමියෝ කිෂිඩාගේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, කෙන්ටා ඉසුමිගේ ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ නැට්සියෝ යමගුචීගේ ‘කොමෙයිටෝ’ පක්ෂයයි. ඊට අමතරව තවත් දේශපාලන පක්ෂ 6 ක් ද ඊයේ (10) පැවැත්වුණු මැතිවරණයට ඉදිරිපත් විය.
(රොයිටර්)
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිගටම බලයේ