IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඝාතනයට හේතුව තවමත් පැහැදිලි නෑ

හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ ඝාතනයට හේතුව තවමත් නිශ්චිතව පැහැදිලි නැතැයි පොලිසිය පවසයි. 67 හැවිරිදි අබේ වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය සිකුරාදා (8) ය.

වෙඩි තැබීම කළේ 41 ක් හැවිරිදි ටෙට්සුයා යමගාමී නමැති ජපාන ජාතිකයාය. ටෙට්සුයා යමගාමී, පොලිස් අත්අඩංගුවට පත් වුණු අතර, ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය අනාවරණය කරගත් කරුණු අනුව, ටෙට්සුයා යමගාමී තනිවම මෙම ඝාතනය සිදු කර ඇත. ඔහු මාස කීපයක් ඝාතනය සැලැසුම් කර තිබේ.

යමගාමී, පොලිසියට පවසා ඇත්තේ ෂෙන්සෝ අබේ එක්තරා ආගමික කණ්ඩායමකට සම්බන්ධ බවත් එම ආගමික කණ්ඩායම වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල නියැලී ඇති බවත්ය.

යමගාමී පවසන ආකාරයට ඔහුගේ මව මෙම ආගමික කණ්ඩායමට එක් වී එයට නොමසුරුව මුදල් ආධාර ලබා දී ඇත. ආගමික කණ්ඩායමට එක් වුණු බැවින්, අවසානයේ ඇය බංකොලොත් වී ඉතා අසරණ තත්ත්වයකට පත් වී ඇත.

තම මව ආගමික කණ්ඩායම සමඟ එක් වෙනවාට තමන් තදින් විරෝධය දැක්වූ නමුත් තම මව අග්‍රාමාත්‍ය අබේ කෙරෙහි දැඩි විශ්වාසයෙන් සිටි බැවින් ආගමික කණ්ඩායම සමඟ එක් වී ඊට මුදල් පරිත්‍යාග කළේ යැයි යමගාමී පොලිසිය සමඟ පවසා තිබේ.

පොලිසිය පවසන ආකාරයට, හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ, අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී හෝ 2020 වසරේ ධුරයෙන් ඉවත් වීමෙන් පසුව හෝ කිසිදු ආගමික කණ්ඩායමක් සමඟ ගනුදෙනු කර නැත. යමගාමී, ෂෙන්සෝ අබේ සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා තවමත් තහවුරු කිරීමට හැකියාවක් ලැබී නැති බවත්, පුළුල් ලෙස විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිසිය මාධ්‍ය හමුවේ පවසා තිබේ.

යමගාමී ජපාන නාවික හමුදාවේ ස්වේච්ඡා බලකා සාමාජිකයකු ලෙස වසර 3 ක් සේවය කළ අයකු බව ද පැවැසෙයි. ඒ, 2002 සිට 2005 තෙක් කාලයේය. 2020 දී යමගාමී, ක්යෝටෝ නුවර කර්මාන්ත ශාලාවක, ෆෝක්ලිෆිට් යන්ත්‍ර ක්‍රියාකරවන්නකු ලෙස ද රැකියාව කළ බව පැවැසෙයි.

ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්ද විමසුමක් පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් මැතිවරණ රැලි සෑම නගරයකම පාහේ පැවැත්වෙයි. නාරා නගරයේ මැතිවරණ රැළියට හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ එක් වූයේත්, මැතිවරණ රැළිය අමතමින් කතා කළේත් සිය ලිබරල් පක්ෂයට සහ පක්ෂයේ නායක, වත්මන් අග්‍රාමාත්‍යවරයා ද වන ෆුමියෝ කිෂිඩාට පළ කිරීමක් ලෙසය.

ටෙට්සුයා යමගාමී, හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබීමට භාවිතා කළේ ඔහු විසින් එකලැස් කර, ටේප් පටිවලින් එකට සවි කළ බැරල් දෙකේ තුවක්කුවකිනි. තුවක්කුව නිපදවීමට අවශ්‍ය කොටස් ඔහු මිලදි ගෙන ඇත්තේ අන්තර් ජාලය හරහා බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ෆුමියෝ කිෂිඩා, හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබුවේ ඔහුට අඩි කිහිපයක් පිටුපස සිටය. හිටපු අග්‍රාමාත්‍යවරයාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය සහ ආරක්ෂක අංශ අසමත් වූ බව ද මේ වනවිට තහවුරු වී තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඝාතනයට හේතුව තවමත් පැහැදිලි නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site