
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ උප ප්‍රභේදයක් ලෙස හඳුනා ගත් ‘බී.ඒ.2.75’ විකෘතිය, මේ වනවිට ඉන්දියාවේ ද පැතිරීම ආරම්භ කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
ලොවට වසංගතයක් වූ, ‘කොවිඩ් 19’ වසංගතයේ සැර බාල කිරීමට, ‘ඔමික්‍රෝන්’ විකෘතිය සමත් වුවත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියේ එක් උප ප්‍රභේදයක් වන ‘බී.ඒ.2.75’ බිහිසුණු ලෙස, ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ‘බී.ඒ.2.75’ උප ප්‍රභේදය මේ වනවිට රටවල් රැසකින් වාර්තා වී ඇති අතර, ඉදිරියේ දී ලොව ප්‍රධාන ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදය බවට ද එය පත්වනු ඇත.
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ ආරම්භයේ දී ප්‍රධාන විකෘති ප්‍රභේද දෙකකට බෙදී වෙන් විය. ඒ, ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ යනුවෙනි. ‘බී.ඒ.5’ විකෘති ප්‍රභේදය තව තවත් විකෘති වී ‘බී.ඒ.2.75’ නිර්මාණය වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd