
චීනයේ ෂැංග්හායි නුවර අලුතින් ඉදිකළ රෝහලක සිදුවුණු පිහි ප්‍රහාරයකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 15කි.
ෂැංග්හායි යනු චීනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයකිනි. පසුගිය ජූනි මාසයේ 'කොවිඩ් 19' වසංගත තත්ත්වය උත්සන්න වීමෙන් නගරය ලොක්ඩවුන් කර තැබුණි.
පෙරේදා (8) සිදුවුණු පිහි ප්‍රහාරයට හේතුව රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් හටගත් බහින්බස්වීමක් යැයි ද පැවැසෙයි.
ෂැංග්හායි නගරයේ පිහි ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd