කවුරු මොනවා කීවත්, තමන් පක්ෂ නායකත්වයෙන් හෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් හෝ ඉවත් නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා තිබේ.
මේ වනවිට බොරිස් ජොන්සන් ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන්නැයි ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතී.
කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ඉන්දීය සම්භවයක් ද ඇති ප්‍රීති පටෙල් ඊයේ (7) අග්‍රාමාත්‍ය ජොන්සක්ට ඉල්ලා අස්වන්නැයි ඉල්ලීමක් කළාය.
ඊට අමතරව, ජොන්සන් හිතවාදීන් ලෙස සැලකෙන නදීන් ඩොරිස් සහ ජේකොබ් රීස්ගේ ද සහාය ජොන්සන්ගෙන් ගිලිහී ගොස් ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.
පසුගිය දා බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය (චාන්සලර්) ලෙස කටයුතු කළ රිෂී සුනාක් සහ සෞඛ්‍ය ඇමැති (සෞඛ්‍ය ලේකම්) සජීද් ජාවඩ් ඔවුන්ගේ ධුරවලින් ඉවත් වූයේ අග්‍රාමාත්‍ය ජොන්සන්ට අප්‍රසාදය පළ කරමිණි.
ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් අගමැති නිල නිවසේ මධුවිත සාද පැවැත්වීම සහ කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළේ යැයි චෝදනා ලැබූ පක්ෂ සාමාජික ක්‍රිස් පින්චර්ට රජයේ ඉහළ තනතුරක් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන් 58 හැවිරිදි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය ‘කොන්සවර්ටිව්’ පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට ලක් වී සිටී.
අග්‍රාමාත්‍ය ජොන්සන්ට ධුරයෙන් වහා ඉවත්වන්නැයි බලපෑම් එල්ල වන්නේ මේ නිසාය.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කවුරු මොනවා කීවත් ධුරයෙන් යන්නේ නෑ
sena Thursday, 07 July 2022 02:14 PM
අපේ එක්කෙනාගෙන් ඉගෙන ගෙන වගේ...