
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කෙරුණේ නාගා නගරයේ ජනතා රැළියකට සහභාගී වී ජනතාව අමතද්දීය.
වෙඩි තැබීම කළේ ජනතාව අතරේ සිටි 41 ක් හැවිරිදි ජපන් ජාතිකයකු බවත්, ආරක්ෂක අංශ කඩිනමින් ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි. තමන් හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබුවේ, ඔහුගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමක් ලෙස යැයි අත්අඩංගුවට ගත් එම තරුණයා පවසා තිබේ.
වෙඩි ප්‍රහාරය අග්‍රාමාතවරයාගේ පපුව පසාරු කළ බවත්, සිහිසුන්ව ඇද වැටුණු ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් ඔහුට ප්‍රථමාධාර දීමට ඉදිරිපත් වුණු පිරිස පැවැසූහ. වෛද්‍ය ආධාරකරුවන් පැමිණ හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටියේය.
ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ 67 හැවිරිදි ෂෙන්සෝ අබේය. 2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදිහට සලකන්න එයාගේ වටේ ඉන්න එක විරුවෙක්වත් නඅද්ද?
අවංකවම කණගාටු වෙමි... මෙම සිද්ධිය අන්තර්ජාලයේ නැරඹුවොත් දැකගන්නට හැකිවේවි... දියුණු රටක දේශපාලන වේදිකාවකුයි, නොදියුණු රටක දේශපාලන වේදිකාවකුයි අතර වෙනස...
මෙතුමා තම මවුබිමට මෙන්ම ලොවටම කල සේවයට හිස නමා ගෞරව කරන අතර ම උතුම් වූ නිවන් සම්පත්ිය ලැබේවා...
ෂින්සො අබෙ අගමතිතුම තමයි විදේශ රටවල සිසුන්ට ජපානයට පැමින කුමක් හො ඉගෙනගෙන ජපානයේම රැකියවක් සොයගෙන පදින්චි වෙන්න නිති රීති ලිහිල් කලෙ. ඒකෙන් ගොඩක් ලොකයෙ දුප්පත් රටවල තරුන තරුනියො උපරිම ප්‍රෙයා්ජන ගනිමින් ඉන්නව. ඒ වගෙම ලංකාවට ආපු ජපන් අගමති කෙනෙක්. ඔහු තමයි දැනටත් සන්වර්ඩනය කරමින් තියෙන කටුනායක ගුවන්තොටුපොලෙ සන්වර්නදයට ඩොලර් මිලියන 330 ක පොලි රහිත නයක් දුන්නෙ. ලංකාවෙ කොල්ලො කෙල්ලො අතිවිශාල ප්‍රමනයක් මොහු නිස අද ජපානයෙ වැජබෙනව. ඔබතුමාට නෙවතත් ජපානයෙම ඉපිද අගමති වෙන්න කියා ප්‍රර්තනා කරනව
තමන්ගේ රටටත් ශ්‍රේෂ්ඨ සේවයක් කරලා, කොච්චර බලයක් තිබුණත් අනිත් කිසිම ජාතියකට, රටකට හිරිහැර නොකර උදව් විතරක් කරපු අහිංසක මනුස්සයෙක්ගේ මේ වියෝව අහපු මට විශාල කම්පනයක් දැනුණා. ඔබතුමා ලංකාවටත් හැකි සෑම ලෙසකින්ම උදව් කළබව අපට මතකයි. මහත්මයාණනි, උපදින මතු භවයන්හිදී මෙවන් අකල් මරණ සිදු නොවේවා..! කුරිරු සසරින් මිදී ඉක්මන් භවයකදීම නිවන් සුවයම ලැබේවා...!!!
දැන් ඉතින් අපේ අය එතුමගේ අභාවය පිළිබඳව ශෝක ප්‍රකාශ කිරීම නිමිත්තෙන් ආධාර ඉල්ලයි.
අපිට නැහැනේ එහෙම වාසනාවක්...!
මේ ජපනා ලංකාවට ඇවිත් ජෙප්පන් ඇසුරුකළ කෙනෙක්ද?
අන්න රටට ආදරේ ඇති නායකයො.
එතුමාට නිවන් සුව අත්වේවා... එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම නැහැ... මෙහෙ වෙඩි වැදිලා මළත් දිගටම අගමැති, ජනාධිපති වෙලාම ඉන්නවා. පැරදුණත් අගමැති වෙලා එනවා.
අබේ මහතාට නිවන් සුව, අපේ රටට උදව් කළ අපේකම තිබෙන මහත්මයෙක්... මෙතුමාගේ දෙමාපියන් මොහුට සිංහල නමක් පවා තබා තිබීමෙන් ඒ බව පසක් වෙනවා.