
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වුණු ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය සඳහාත්, අග්‍රාමාත්‍ය ධුරය සඳහාත් සුදුසුස්සකු තෝරා පත් කර ගැනීම සැප්තැම්බර් 5 වැනිදා සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වත්මන් පාලක පක්ෂය වන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. පුරප්පාඩු වුණු පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරයට තරග වැදීම සඳහා පක්ෂයේ ප්‍රබලයෝ 11 දෙනෙක් ඉදිරිපත් වී සිටිති.
හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක්, හිටපු සෞඛ්‍ය ලේකම්වරුන් (ඇමැතිවරුන්) වන සජීඩ් ජාවිඩ්, ජෙරමි හන්ට්, වෙළෙඳ ලේකම් (ඇමැති) පෙනී මෝර්ඩෝන්ට්, ආරක්ෂක ලේකම් (ඇමැති) බෙන් වොලන්ස්, විදේශ ලේකම්වරිය (ඇමැති) ලිස් ටස් එම 11 දෙනා අතර සිටිති.
පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ පක්ෂය අභ්‍යන්තරයෙනි. අදියර කීපයකින් ඡන්ද විමසුම් පැවැත්වෙන අතර අවසානයේ ඉතිරි වන අපේක්ෂකයන් දෙදෙනාගෙන් වැඩිම මනාප ගන්නා අපේක්ෂකයාට පක්ෂ නායකත්වයත් අග්‍රාමාත්‍ය ධුරයත් හිමිවෙයි.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ පිළිකුළට ලක් වී අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි වූයේ ලොක්ඩවුන් සමයේ අගමැති නිල නිවසේ සාද පැවැත්වීම සහ කාන්තාවන් දෙදෙනකුට ලිංගික අඩන්තේට්ටම් කළේ යැයි චෝදනා ලැබූ මන්ත්‍රී ක්‍රිස් පින්චර් ට රජයේ ඉහළ තනතුරක් ලබා දීම හේතුවෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd