ඇමෙරිකන් සෙබළුන් 3,000 ක් යුරෝපයට නැගෙනහිර යුරෝපා රටවලට ඇමෙරිකන් සොල්දාදුවන් 3,000 ක බලඇණියක් යැවීමට ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් අණ දුන්නේය. ඒ අනුව, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් රුසියාවත් අතර පවතින යුද උණුසුම තවත් උණුසුම් වී තිබේ. 03 February 2022
බ්‍රිතාන්‍ය අගමැති-යුක්රේන ජනපති හමුවෙයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කටයුතු කළේය. 02 February 2022
ඔමික්‍රෝන්වලට වඩා උප ප්‍රභේදය බිහිසුණුයි ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ උප ප්‍රභේදය ද මේ වනවිට රටවල් 57 කට ව්‍යාප්තවී ඇති බවත්, එය ‘ඔමික්‍රෝන්’ මුල් ප්‍රභේදයට වඩා බිහිසුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 02 February 2022
යුද්ධයකට යන්න ඕනෑකම ඇමෙරිකාවට රුසියාව යුද්ධයකට පටළවා ගැනීමට උත්සාහ දරන්නේ ඇමෙරිකාව බවත්, යුක්රේනය ආක්‍රමණය කරමින් යුද්ධයකට යෑමට තමන්ගේ කිසිදු අදහසක් නැති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියයි. 02 February 2022
මාලි ප්‍රංශ තානාපතිට යන්න කියයි ප්‍රංශ තානාපති ජොඑල් මෙයර් හට මාලි රාජ්‍යයෙන් පැය 72ක් ඇතුළත පිටව යන ලෙස මිලිටරි ජුන්ටාව දැනුම් දී ඇත. 01 February 2022
කැනඩා අගමැතිටත් කොවිඩ් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 February 2022
බොලිවුඩ් සුරූපිනිය කාජල්ටත් ’කොවිඩ්’ බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ලෙස ද රසික ආදරය දිනා සිටින කාජල් ’කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 01 February 2022
ජගත් ආරක්ෂක මණ්ඩලයේ ගාලගොට්ටියක් රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමට සුදානමින් සිටීම සම්බන්ධයෙන් හටගත් අර්බුදය ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අතර, එහිදී ඇමෙරිකන් සහ රුසියන් නියෝජිතයන් අතරේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 01 February 2022
ජර්මන් පොලිස් නිලධාරීන්ට වෙඩි ජර්මනියේ ප්‍රංශ දේශසීමාවට යාබද, කුසෙල් දිස්ත්‍රික්කයේ රයින්ලැන් පැලැටිනේ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් ජර්මන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 01 February 2022
උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්රබලතම මිසයිල අත්හදා බැලීම වේ . 31 January 2022
රූ රැජිනක් 9 වැනි මහලෙන් පැන දිවි නසාගනී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රූ රැජිනක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ඉහළ මහළින් පැන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. 31 January 2022
කොරෝනා මරණයක් නිසා භූතානයේ අගමැති දුකෙන් ‘කොවිඩ් 19’ වසංගතය ඉතා සාර්ථකව පාලනය කරගත් රටක් ලෙස සැලකෙන භූතානයෙන්, සිවුවැනි ‘කොවිඩ් 19’ මරණය වාර්තා වීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය ලෝටේ ෂෙරිංග් ඒ ගැන දැඩි ලෙස ශෝකයට පත් විය. 31 January 2022
පාකිස්තානයට චීනයෙන් ඩොලර් බිලියන 3 ක ණයක් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, චීන සංචාරයක නියැලීමට සූදානමින් සිටින බවත්, එම සංචාරය අතරතුරේ පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් ලබා දීමට චීනය සූදානමින් පසුවන බවත් වාර්තා වේ. 31 January 2022
හමුදා යැවීමේ අදහසක් නැහැ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළත්, රුසියන් හමුදා සමඟ සටන් කිරීමට, නේටෝ හමුදා යුක්රේනයට යැවීමේ කිසිදු අදහසක් නැතැයි ‘නේටෝ’ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියයි. 30 January 2022
කැනඩා අගමැති-පවුලේ අය සැගවිලා ‘කොවිඩ් 19’ එන්නත අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්රමුඛ රජය තීරණය කිරීමත් සමඟ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ. 30 January 2022
නවසීලන්ත අගමැති හුදෙකලා වෙයි ‘කොවිඩ් 19’ ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වූ බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ලබන අඟහරුවාදා (1) වනතුරු ස්වයං නිරෝධායනයට යොමු වුණු බව පැවැසෙයි. 30 January 2022
ඇමෙරිකාවට ප්රචණ්ඩ හිම කුණාටුවක් ඇමෙරිකාවේ නැගෙනහිර ප්‍රාන්ත රැසක් හරහා ප්රචණ්ඩ හිම කුණාටුවක් හමා ගියේය. 30 January 2022
රුසියාවේ ’කොවිඩ්’ ඉහවහා යයි රුසියාවේ දෛනික ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන තිබේ. 30 January 2022
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට යන්න සූදානම් පවතින අර්බුදවලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසදුම් සෙවීමේ අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් වෙයි. 30 January 2022
ඇෆ්ගන් වැසියන්ට කන්න නෑ ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය පිළිබඳව කනස්සල්ල පළ කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානියා යළිත් වරක් ලොවට අවධාරණය කර ඇත්තේ, ඇෆ්ගන් වැසියන්, ජීවත්වීම සඳහා සිය දරුවන් සහ ශරීර කොටස් විකිණීමට යොමු වී ඇති බවය. 30 January 2022
බයිඩන් පවුලට බළල් සුරතලෙක් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් සමග බළල් සුරතලකු ද ධවල මන්දිරයේ සිටින බව වාර්තා වේ. 29 January 2022
තවත් බිහිසුණු කොරෝනා වයිරසයක්: NeoCov කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අගවති. 29 January 2022
ඇමෙරිකාවේ පාලමක් කඩා වැටෙයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පිට්ස්බර්ග් නගරයේ සංචාරය කිරීමට පැය කිහිපයකට පෙර පිට්ස්බර්ග් නගරයේ හිමෙන් වැසුණු පාලමක් කඩා වැටී ඇත. 29 January 2022
නොකළ වරදකට 37 වසරක් හිරේ ඉදලා මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී වසර 37 ක් බන්ධනාගාරගතව සිටි ඇමෙරිකානුවකුට නිදහස හිමිවිය. 29 January 2022
බයිඩන්ගෙන් යුක්රේන ජනාධිපතිට ඇමැතුමක් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන කතාබහක් පැවැත්විණි. 28 January 2022
ඉන්දීය විදේශ ඇමැතිට ‘කොවිඩ්’ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 28 January 2022
හොන්ඩුරාස් රාජ්‍යයයේ ජනපති ධුරය කාන්තාවකට ආර්ථික සහ දේශපාලනික අර්බුද රැසකට මුහුණ දෙන ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යයේ ජනපති ධුරය සඳහා තේරී පත්ව සිටි සියෝමාරා කස්ත්‍රෝ ඊයේ (28) එම ධුරයේ දිවුරුම් දුන්නාය. 28 January 2022
දිවුරුම් දීමේ ප්‍රධාන අමුත්තිය කමලා හැරිස් සියොමාරා කැස්ත්‍රෝ හොන්ඩුරාස් රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දුන්නාය. දිවුරුම් දීමේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස ඇමරිකා උප ජනාධිපති කමලා හැරිස් ද සහභාගී වූවාය. 28 January 2022
මූදට වැටුණු යානය අත්පත් කරගන්න තරගයක් චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි. 28 January 2022
යුක්රේනයේ වෙඩි තැබීමක් යුක්රේනයේ වෙඩික්කරුවෙකු ඩිනිප්‍රෝ නගරයේ මිසයිල කර්මාන්ත ශාලාවක අලුයම 4 ට පමණ සිදු කළ වෙඩි තැබීමකින් හමුදා නිලධාරීන් පස් දෙනෙක් මියගොස් පස් දෙනෙක් තුවාල ලැබූහ. 27 January 2022
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026