IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ආසාදිත ජෝ බයිඩන් යහතින්

‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස තහවුරු වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ධවල මන්දිරයේ නිරෝධායනය වෙමින් සිය රාජකාරි කටයුතු සිදු කරන බව වාර්තා වේ.

තම රෝගී තත්ත්වය දරුණු නොවන බවත්, ධවල මන්දිර වෛද්‍යවරුන් තමන් ගැන විමසිල්ලෙන් පසුවන බවත් 79 හැවිරිදි ජනාධිපති බයිඩන් ට්විටර් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

බයිඩන් ජනාධිපති ධුරයට පත් වූයේ 2021 ජනවාරියේය. ඒ වනවිට ඔහු ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ‘ෆයිසර්’ එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගෙන තිබුණි. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බයිඩන් තෙවැනි සහ සිවුවැනි බූස්ටර් එන්නත් ද ලබා ගත්තේය.

ධවල මන්දිර වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව, බයිඩන්ට ‘ෆයිසර්’ සමාගම නිපදවා ඇති ‘පැක්ස්ලොවිඩ්’ ඔසුව ලබා දීම සිදුවෙයි. ‘පැක්ස්ලොවිඩ්’ යනු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීමට නිපදවා ඇති සාර්ථක ඖෂධයකි. ‘කොවිඩ් 19’ ආසාදිතයකුට ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය ලබා දුන් විට, වයිරසය සිරුර තුළ පිටපත් නිර්මාණය අඩපණ වෙයි. ඒ අනුව, ආසාදිතයා ඉක්මනින් සුවය ලබයි.

ජනාධිපති ජෝ බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස තහවුරු වුවත් සැමවිටම ඔහු අසලින් සිටින ඔහුගේ බිරිඳ මෙන්ම ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන්ට වයිරසය ආසාදනය වී නැති බවත්, ජිල් බයිඩන් ඇගේ සුපුරුදු කාලසටහනට අනුව රාජකාරි කරමින් සිටින බවත් ධවල මන්දිරය පවසයි.

(රොයිටර්)



අදහස් (0)

ආසාදිත ජෝ බයිඩන් යහතින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site