IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තායිලන්ත අගමැති විශ්වාසභංගයෙන් බේරෙයි

තායිලන්ත විපක්ෂ දේශපාලන කණ්ඩායම්, එරට අග්‍රාමාත්‍ය ප්‍රයාත් චන් ඕචා ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගය පහසුවෙන් පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයා සමත් විය.

අග්‍රාමාත්‍ය ප්‍රයාත් චන් ඕචා ට එරෙහිව තායිලන්ත විපක්ෂය ගෙනා සිවුවැනි විශ්වාසභංගය මෙයයි. මීට පෙර විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය 2021 සැප්තැම්බරයේය.

68 හැවිරිදි, හිටපු හමුදාපතිවරයා ද වන ප්‍රයාත් චන් ඕචාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 2023 මාර්තු මාසයේය. ඒ අනුව මහ මැතිවරණයක් ද පැවැත්වෙනු ඇත.

ඊයේ (23) පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගය පරාජය කිරිමත් සමඟ, මාර්තුවේ පැවැත්වෙන මහ මැතිවරණයට නොබියව මුහුණ දීමට ප්‍රයාත් චන් ඕචා ට හැකිවනු ඇතැයි තායිලන්ත දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.ෙ

කෙසේ නමුත් 2023 මහ මැතිවරණයට ඉදිරිපත් වී තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටිනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන්  ප්‍රයාත් චන් ඕචා තවමත් තීරණයක් ගෙන නැතැයි ද පැවැසෙයි.

තායිලන්ත විපක්ෂය, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුණ ඔහුගේ රජය දූෂිත බවත්, ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකරන බවටත් චෝදනා කරමිණි.

ප්‍රයාත් චන් ඕචා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට නම්, පාර්ලිමේන්තුවේ ආසන 477 න් 239 ක සහාය හිමිවිය යුතුව තිබුණි. කෙසේ නමුත් විශ්වාසභංගයට එරෙහිව, අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරමින් ඡන්ද 256 ක් හිමිවුණු අතර, විශ්වාසභංගයට සහාය පළ කරමින් හිමිවූයේ ඡන්ද 206 ක් පමණි. පාර්ලිමේන්තු නියෝජිතයන් 6 දෙනකු ඡන්දය ප්‍රකාශ කළේ නැත.

2014 දී තායිලන්තය දේශපාලනික වශයෙන් අස්ථාවර විය. එම අවස්ථාවේදී ලේ වැගිරීමකින් තොරව, හමුදාව රටේ බලය අල්ලා ගත්තේය. හමුදාපති ධුරය හෙබවූයේ ප්‍රයාත් චන් ඕචා ය.

2019 දී මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රයාත් චන් ඕචා කටයුතු කළේය.

හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගොස් සිවිල් වැසියකු ලෙස ප්‍රයාත් චන් ඕචා මැතිවරණයට ඉදිරිපත් වූයේ හමුදාව නියෝජනය කළ දේශපාලන පක්ෂයකින් සහ හමුදාවට හිතවත් දේශපාලන පක්ෂ හවුල් කර ගනිමිනි. ප්‍රයාත් චන් ඕචා ප්‍රමුඛ දේශපාලන පක්ෂවලට විශිෂ්ට ජන වරමක් හිමිවිය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

තායිලන්ත අගමැති විශ්වාසභංගයෙන් බේරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site