IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අභ්‍යවකාශ නැවතුම්පොළෙන් ඉවත් වෙන්න රුසියාව තීරණය කරයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට රුසියාවේ ජාතික අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’ ආයතනය තීරණය කර තිබේ.

‘රොස්කොස්මොස්’ ආයතනයේ නව ප්‍රධානියා ලෙස කටයුතු කරන යූරි බොරිසෝව් මේ බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දැනුම් දුන් අවස්ථාවේදී ජනාධිපති පුටින් පවසා ඇත්තේ එය ඉතා හොඳ තීරණයක් බවය. යූරි බොරිසෝව්, ‘රොස්කොස්මොස්’ ප්‍රධානියා ලෙස එම තනතුරට පත් වූයේ පසුගිය මීට දින කීපයකට පෙරය.

අතීතයේ පටන් රුසියාව සහ ඇමෙරිකාව අතරේ එදිරිවාදිකම් සහ මත ගැටුම් පැවැතියත්, අභ්‍යවකාශ කටයුතුවලදී ඇමෙරිකාවේ ජාතික ගගන විද්‍යා පර්යේෂණ ආයතනය හෙවත් ‘නාසා’ ආයතනය සහ රුසියාවේ ‘රොස්කොස්මොස්’ ආයතනය අතරේ සමඟියෙන් සහ සහයෝගයෙන් වැඩ කටයුතු සිදුවිය.

‘නාසා’ ආයතනයට හෝ ‘රොස්කොස්මොස්’ ආයතනයට හෝ දේශපාලනයක් මැදි නොවිණි. එහි ප්‍රතිඵලයක් වූයේ ලොව අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් බලවතුන් වූ රුසියාව සහ ඇමෙරිකාව එක් වී 1998 දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමය.

අද චීනය හැර තවත් රටවල් බොහොමයක් අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වී සිටියත් ඇමෙරිකාවේ නාසා ආයතනයට සහ රුසියාවේ ‘රොස්කොස්මොස්’ ආයතනයට අයත් කොටස් දෙකක් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ඇතුළත් වෙයි. පසුගිය කාලයේ ඇමෙරිකන් ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑම සහ ආපසු ගෙන ඒම සිදුවූයේ රුසියානු ‘රොස්කොස්මොස්’ ආයතනයේ ‘සෝයූස්’ ගගන කැප්සියුල සහ රොකට්ටු ආධාරයෙනි.

‘රොස්කොස්මොස්’ ප්‍රධානී යූරි බොරිසෝව්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දන්වා ඇත්තේ, 2024 දී රුසියාව ජාත්‍යන්තර අභශවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වනු ඇති බවය. මේ සම්බන්ධයෙන් නාසා ආයතනය සිය කනස්සල්ල පළ කර තිබේ. රුසියාව 2024 දී අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව තමන්ට තවමත් නිල වශයෙන් දැනුම් දී නැතැයි නාසා ආයතනය පවසා තිබේ.

‘රොස්කොස්මොස්’ ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවමින්, රුසියාවට එරෙහි වීම සැලකිල්ලට ගනිමිනි.

(රොයිටර්)



අදහස් (0)

අභ්‍යවකාශ නැවතුම්පොළෙන් ඉවත් වෙන්න රුසියාව තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site