
ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඩ්‍රාගී මෙසේ තීරණය කළේ ඔහුගේ මැදිහත් වීමෙන් මීට මාස 17 කට පෙර පිහිටුවූ සන්ධාන රජය බිඳ වැටුණු නිසාය.
ඩ්‍රාගී ඉතාලි ජනාධිපති සර්ගේ මැටරෙල්ලා හමුවී සිය ඉල්ලා අස්වීම බාර දුන් බව ද පැවැසෙයි. එම අවස්ථාවේදී ජනාධිපති මැටරෙල්ලා පවසා ඇත්තේ නව රජයක් පත් කරන තුරු ඩ්‍රාගී අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටින යුතු බවය. ඒ අනුව, ඩ්‍රාගී වැඩ බලන අග්‍රාමාත්‍ය ලෙස රැදී සිටිනු ඇතැයි ද පැවැසෙයි.
ඩ්‍රාගීට එරෙහිව ඉතාලි පාර්ලිමේන්තුවේ සෙනෙට් මණ්ඩලයට විශ්වාසභංගක් ඉදිරිපත් කෙරුණු අතර එය ද ඩ්‍රාගී පරාජය කළේය.
එසේ වුවත් සන්ධාන රජයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් කීපයක් ඩ්‍රාගීට සහාය පළ කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් තව දුරටත් ධුරයේ රැදී සිටීමට ඔහුට නොහැකි විය.
ඉතාලි සෙනෙට් මණ්ඩලය ආසන 315 කින් සමන්විතය. සෙනෙට් මණ්ඩලයේ විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම පැවැත්වෙද්දී, ඩ්‍රාගීගේ සන්ධාන රජයට පක්ෂව ඡන්ද 95 ක් සහ විපක්ෂව ඡන්ද 36 ක් හිමිවිය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd