
ජපානයෙන් ද පළමු වරට වඳුරු උණ ආසාදිතයකු වාර්තා වෙයි. මෙම ආසාදිතයා වාර්තා වන්නේ ටෝකියෝ අගනුවරින් බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
අවුරුදු 30 ක් වයසැති මෙම තැනැත්තා යුරෝපයේ සිට ආ අයකු බවත්, වඳුරු උණ ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි.
උණ, සිරුරේ බිබිලි හට ගැනීම ඇතුළු සියලු රෝග ලක්ෂණ පෙන්නුම් කළත්, මෙම තැනැත්තාගේ තත්ත්වය යහපත් බවත්, ඔහු ගැන හෝ ඔහුගෙන් තවත් අයකුට රෝගය බෝ වීම ගැන හෝ බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් ටෝකියෝ ආණ්ඩුකාරවරයා පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd