දශකයකට පසු ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියකු වාර්තා වෙයි. මෙම පෝලියෝ රෝගියා වාර්තා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයෙන් බව ජනපද සෞඛ්‍ය බලධාරීහු පවසති.
නිව්යෝක් ජනපද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව මෙම පෝලියෝ රෝගියා මැන්හැටන් සිට කිලෝ මීටර් 48 ක් උතුරින් පිහිටි රොක්ලන්ඩ් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.
පෝලියෝ රෝගියාගේ පසුබිම් විස්තර සොයා බැලූ බවත්, රෝගය ආසාදනය වී ඇත්තේ ඇමෙරිකාවේදී නොව විදේශයකදී බවත් සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. ඇමෙරිකා වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ඒකකයට අනුව, අවසන් වරට ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියකු වාර්තා වූයේ 2013 ය.
පෝලියෝ එසේත් නැතිනම් ‘පෝලියෝමිලයිටිස්’ යනු පෝලියෝ වයිරසය නිසා ඇති රෝගී තත්ත්වයයි. පෝලියෝ වයිරසය සුෂුම්නාව ආසාදනය වී අංශභාගය ඇති කරයි.
පසුගිය ජූනි මාසයේ එංගලන්තයේ ලන්ඩන් නුවර, අපවහන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී පෝලියෝ වයිරස විෂබීජ හමුවුණු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පැවැසීය.
හමුවුණු එම පෝලියෝ විෂබීජ ඇතුළත් සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට යොමු කිරීමට ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
ලන්ඩනයෙන් මෙසේ පෝලියෝ විෂබීජ හමුවූයේ එන්නත්කරණය හරහා මහා බ්‍රිතාන්‍යයෙන් පෝලියෝ වයිරසය තුරන් කර දමා දශක දෙකකට පසුවය. කෙසේ නමුත් තවමත් මහා බ්‍රිතාන්‍යයෙන් කිසිදු පෝලියෝ ආසාදිතයකු වාර්තා වී නැත.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඇමෙරිකාවෙන් පෝලියෝ රෝගියෙක් හමුවෙලා