
චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු එරට දේශපාලන නායකයන් සියලු දෙනා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන ඇති බවත්, චීන වැසියන් ද 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත යුතු බවත් චීන සෞඛ්‍ය අමත්‍යංශය පවසා තිබේ.
චීන සෞඛ්‍ය අමත්‍යංශය වෙනුවෙන් මේ බව නිවේදනය කළේ සෞඛ්‍ය අමත්‍යාංශයේ දෙවැනියා වන සෙංග් යීසිං ය.
චීන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු එරට දේශපාලන නායකයන් ලබා ගෙන ඇත්තේ චීනයේ නිෂ්පාදිත 'කොවිඩ් 19' එන්නත් බවත්, ඔවුන් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව, නියමිත බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබා ගෙන ඇතැයි සෙංග් යීසිං පැහැදිලි කර තිබේ.
චීන සෞඛ්‍ය අමතයාංශය මෙසේ ජනාධිපති ෂී ජින්පින් ඇතුළු එරට දේශපාලන නායකයන් එන්නත් ලබා ගත් බව ප්‍රසිද්ධියට පත් කළේ චීන වැසියන් එන්නත් ලබා ගැනීමට (විශේෂයෙන් බූස්ටර් එන්නත් මාත්‍රා) අදිමදි කරන බැවිනි.
'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය. ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, චීනයෙන් වාර්තා වී ඇති සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 2,167,619 කි. මරණ වාර්තා වන්නේ 14,647 ක් ලෙසය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ජනපති ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් අරන්