IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පැතිරෙන්නේ වෙනස් වුණු වඳුරු උණ වයිරසයක්

ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කරමින්, රටවල් 70 කට පැතිරුණු ‘වඳුරු උණ’ වයිරසය වෙනස්කම් ගණනාවකට ලක් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පවසයි.

‘වඳුරු උණ’ වයිරසය මුලින්ම සොයා ගැනීම සිදුවූයේ 1958 වසරේදීය. ‘වඳුරු උණ’ වයිරසයේ ආරම්භය අප්‍රිකාවය. අප්‍රිකා රටවල වැසියන්ට වයිරසය ආසාදනය වූයේ අප්‍රිකාවේ වඳුරන්ගෙනි. ‘වඳුරු උණ’ යනු පැපොල සහ මාරක වසූරිය වයිරසවල අතරමැදි තත්ත්වයක් බව පසුව හඳුනා ගැනීම සිදුවිය.

මීට පෙර ‘වඳුරු උණ’ අප්‍රිකාවට පමණක් සීමා වුණු අතර වෙනත් රටවලින් ආසාදිතයන් වාර්තා වූයේ නම් ඒ, එක්කෙනකු හෝ දෙදෙනකු පමණක් යැයි ද පැවැසෙයි. කෙසේ නමුත් මෙම 2022 වසර ආරම්භයේ සිට ලොව පුරා ‘වඳුරු උණ’ ව්‍යාප්තිය සිදුවන්නේ අසාමාන්‍ය ලෙස විද්‍යාඥයන් පවා පුදුමයට පත් කරමිණි. ඊයේ (25) වනවිට ලොව නන්දෙසින් වාර්තා වන සමස්ත ‘වඳුරු උණ’ ආසාදිතයන් ගණන 17,000 වැඩිය. ‘වඳුරු උණ’ මරණ වාර්තා වී ඇත්තේ අප්‍රිකා රටවලින් පමණි.

‘වයිරස කාලයත් සමඟ වෙනස් වෙනවා. වයිරසවල ස්වභාවය එයයි. වසර ගණනාවක් තිස්සේ වඳුරු උණ වයිරසය ද වෙනස්කම්වලට ලක්වී පරිණාමය වී තිබෙනවා. විද්‍යාඥයන් මවිත කරමින්, ලොව පුරා වඳුරු උණ වසංගතයක් නිර්මාණය වී ඇත්තේ ඒ නිසයි’ යැයි ආචාර්ය පූනම් බෙත්‍රපාල් සිං පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

පැතිරෙන්නේ වෙනස් වුණු වඳුරු උණ වයිරසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site