IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කොවිඩ් හැදුණු බයිඩන්ට සුවයි

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ තමන් පූර්ණ සුවය ලබා සිටින බවත්, ‘කොවිඩ් 19’ රෝග ලක්ෂණ සියල්ල පහව ගොස් ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

‘මා හොඳින්. නිරෝධායන කාලසීමාව අවසන් වූ සැණින්, මා යළි පූර්ණ කාලීනව රාජකාරිවල නියැළෙනවා. වෛද්‍ය උපදෙස් අනුව මා කටයුතු කරනවා’ යැයි ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.

ජනපති බයිඩන් මෙසේ පැහැදිලි කළේ ධවල මන්දිරයේ නිරෝධායනයේ සිට වීඩියෝ පණිවුඩයක් හරහා ජනතාව අමතමිනි.

79 හැවිරිදි බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය සතියේය. ඒ අනුව වෛද්‍ය උපදෙස් අනුව ඔහු නිරෝධායනයට යොමු කෙරුණි.

වෛද්‍යවරුන් බයිඩන්ට ‘පැක්ස්ලොවිඩ්’ නමැති ‘කොවිඩ් 19’ ආසාදිතයන්ට ලබා දෙන වයිරස නාශක ඔසුව ලබා දුන්නේ බයිඩන්ගේ වයස සැලකිල්ලට ගනිමිනි.

‘කොවිඩ් 19’ ආසාදනය වෙද්දී බයිඩන්, පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා පමණක් නොව, තෙවැනි සහ සිවුවැනි මාත්‍රා ලෙස බූස්ටර් එන්නත් ද ලබා ගෙන තිබුණි.

බයිඩන්ගේ පෙනහළු ආසාදනයක් දකින්න නැති බවත්, ඔහුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම අවශ්‍ය පරිදි පවතින බවත්, රුධිර පීඩනය ද යහපත් බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

කොවිඩ් හැදුණු බයිඩන්ට සුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site