
බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනකු තරග වදිනු ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. වත්මන් පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේකොන්සවර්ටිව් පක්ෂය වන අතර තරගය පැවැත්වෙන්නේ පක්ෂ නායකත්වය වෙනුවෙනි.
හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක්, හිටපු සෞඛ්‍ය ලේකම්වරුන් (ඇමැතිවරුන්) වන සජීඩ් ජාවිඩ්, ජෙරමි හන්ට්, වෙළෙඳ ලේකම් (ඇමැති) පෙනී මෝර්ඩෝන්ට්, ආරක්ෂක ලේකම් (ඇමැති) බෙන් වොලන්ස්, විදේශ ලේකම් (ඇමැති) ලිස් ටස් පක්ෂ නායකත්වය සඳහාත් අග්‍රාමාත්‍ය ධුරය සඳහාත් තරග කරනු ඇති බව පැවැසෙයි.
පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ පක්ෂය අභ්‍යන්තරයෙනි. අදියර කීපයකින් ඡන්ද විමසුම් පැවැත්වෙන අතර අවසානයේ ඉතිරි වන අපේක්ෂකයන් දෙදෙනාගෙන් වැඩිම මනාප ගන්නා අපේක්ෂකයාට පක්ෂ නායකත්වයත් අග්‍රාමාත්‍ය ධුරයත් හිමිවෙයි.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ පිළිකුළට ලක් වී අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි වූයේ ලොක්ඩවුන් සමයේ අගමැති නිල නිවසේ සාද පැවැත්වීම සහ කාන්තාවන් දෙදෙනකුට ලිංගික අඩන්තේට්ටම් කළේ යැයි චෝදනා ලැබූ මන්ත්‍රී ක්‍රිස් පින්චර් ට රජයේ ඉහළ තනතුරක් ලබා දීම හේතුවෙනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව අගමැති වෙන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පොරකති
ravin Sunday, 10 July 2022 10:16 AM
එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි. හැබැයි වෙනසක් තියෙනවා. මෙහෙ පොරකන්නේ පට්ට හොරු ටිකක්....
hesa Sunday, 10 July 2022 11:18 AM
"නව අගමැති වෙන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු පොරකති ", ‘‘නව අගමැති වෙන්න ශ්‍රීලංකාවේ මන්ත්‍රීවරු පොරකති‘‘