සිරකරුවන් 65 ක් රැගත් රුසියන් යානයක් කඩා වැටෙයි යුක්රේන යුද සිරකරුවන් 65 දෙනකු රැගත් රුසියන් හමුදාවට අයත් හමුදා ගුවන් යානයක් රුසියන් යුක්රේන දේශසීමාවේ, බෙල්ගොරොඩ් පළාතේ ගම්මානයක් ආසන්නයට කඩා වැටුණි. 25 January 2024
ජගත් මහ ලේකම් ඊශ්‍රායලයට දොස් කියයි ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ පලස්තීන වැසියන් පීඩාවට පත් වීම කිසිසේත් අනුමත කර නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසා තිබේ. 24 January 2024
නිව් හැම්ප්ෂයර් ජනපද ජය ට්‍රම්ප්ට ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ජනපද මට්ටමින් පැවැත්වෙන මැතිවරණයේදී, නිව් හැම්ප්ෂයර් ජනපදය ජය ගැනීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්විය. ඒ, ඔහුට අභියෝග කළ රිපබ්ලිකන් අපේක්ෂිකා නිකී හේලි පරාජය කරමිණි. 24 January 2024
මොංගෝලියාවේ පිපිරීමක් මොංගෝලියාවේ උංබාටාර් ගනුවර, ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමට හසුවීමෙන් හය දෙනෙක් ජීවිතක්යට පත්වූහ. 14 දෙනක් තුවාල ලැබූහ. පුපුරා ගියේ එල්.පී. ගෑස් ප්‍රවාහන ට්‍රක් රථයකි. 24 January 2024
සරම්ප රෝගීන් වැඩිවෙලා මහා බ්‍රිතාන්‍යයේත් සෙසු යුරෝපා රටවලත්, සරම්ප රෝගීන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 24 January 2024
පුටින් උතුරු කොරියාවට යනවා රුසියන් ජනාධිපතිවරයා උතුරු කොරියාවට පැමිණෙනු ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමටය. අසල්වැසියන් වන රුසියාව සහ උතුරු කොරියාව, අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි. 23 January 2024
ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වැදුණි. ඒ, පාර්මේන්තුවේ විශේෂ ආර්ථික කමිටුවක් පැවැත්වෙද්දීය. 23 January 2024
ඇමෙරිකාවේ වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ සිදුවුණු වෙඩි තැබීම් දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම් සිදුවූයේ ඉලිනෝයි ජනපදයේ, චිකාගෝ නුවරට නුදුරින්, ජොලියෙට් නමැති නගරයේය. වෙඩි ප්‍රහාරවලට ලක් වී, මියගිය 8 දෙනා එකම පවුලේ සාමාජිකයන්ය. 23 January 2024
චීනයේ භූමි කම්පාව ඉන්දියාවට දැනිලා චීනයේ සිංජියැං පළාත ඊයේ (22) සවස රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක ප්රබලක්වයකින් යුත් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැනුණු බවත්, නවදිල්ලි අගනුවර ගොඩනැගිලි පවා දෙදෙරා ගිය බවත් වාර්තා වේ. 23 January 2024
රාම් දෙවොල විවෘත කෙරේ උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දු බැතිමතුන්ගේ පුදබිම ලෙස සැලකෙන, අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙමින් පවතින ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානයේ බිම් මහළ, දහවල් 12.20 ට විවෘත කෙරුණි. 22 January 2024
චීනයේ නායයෑමක් චීනයේ යුනාන් ප්‍රාන්තයේ ලියාන්ග්ෂුයි ගම්මානයේ අද (22) අළුයම සිදුවුණු නායයාමකින් පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. 22 January 2024
සාර්ථක වුණත් අසාර්ථකයි ජපන් අභ්‍යවකාශ ආයතනය, සඳ මතට සාර්ථකව රොබෝ යානයක් පතිත කිරීමට සමත්විය. ‘මූන් ස්නයිපර්’ නමැති මෙම චන්ද්‍ර යානය, චන්ද්‍ර පෘෂ්ඨයට පතිත කිරීම සිදුවූයේ පසුගිය 19 වැනිදාය. එය සාර්ථක විය. 22 January 2024
ඇමෙරිකාවට හිම කුණාටුවක් කඩා වදී ඇමෙරිකාවේ ජනපද කීපයකට ප්රචණ්ඩ හිම කුණාටුවක බලපෑම් එල්ල වී ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 90 ක් වාර්තා වෙයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ටෙනිසී ජනපදයෙනි. 22 January 2024
ගාසා තීරයේ මරණ 25,000 පනී හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදාව, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 25,000 පසු කර ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 22 January 2024
හෙලිකොප්ටරයෙන් ගිය පිලිපීන ජනපතිට දොස් පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඞ් මර්කෝස් ජූනියර් (කණිෂ්ඨ) හෙවත් බොංග්බොංග් ට දොස් අහන්න සිදුවී තිබේ. ඒ, ඔහු පසුගිය සිකුරාදා (19) බිරිඳ සමඟ එරට පැවැත්වුණු සංගීත සංදර්ශනයක් නැරැඹීමට හෙලිකොප්ටරයකින් යෑම සම්බන්ධයෙනි. 22 January 2024
රාම් මන්දිර් අද විවෘත කෙරේ ඉන්දියාවේ අයෝධ්‍යාවේ ඉදිවුණු රාම් මන්දිර් හින්දු දේවස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනයේ විවෘත කිරීමට නියමිතය. 22 January 2024
පුංචි ප්‍රාණඇපකරු උපන් දිනය සමරයි ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆ්ර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි. 22 January 2024
බෝට්ටු අනතුරින් සිසුන් 12 ක් මරුට බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනකු ඇතුළු පුද්ගලයින් 14 දෙනකු මියගොස් ඇතැයි පැවැසෙයි. 19 January 2024
අධිකරණයෙන් ට්‍රම්ප්ට තරවටු ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෆෙඩරල් අධිකරණයට පැමිණ සිටි, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට, විනිසුරුවරිය තරවටු කළාය. 19 January 2024
දියේගෝ ගාසියා දූපත සංක්‍රමණිකයන්ට සුදුසු නෑ බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපයේ, දියාගෝ ගාර්ෂියා දූපතේ දූපත නීතිවිරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීමට සුදුසු තැනක් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 19 January 2024
හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලෙන්නේ නෑ යේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන් අඩපණ කිරීමට දිගින් දිගටම පහර දුන්නත්, ඇමෙරිකාව හවුති සටන්කාමීන් සමඟ යුද්ධයක පැටලී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ. 19 January 2024
බයිඩන්ගේ යෝජනාවට ඊශ්‍රායල අගමැති විරුද්ධයි ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් වීමෙන් පසු, පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ යෝජනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහගේ විරෝධයට හේතුවක් වී ඇත. 19 January 2024
සිංගප්පූරු ඇමැති ධුරයෙන් ඉවත් වෙයි දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 18 January 2024
චාල්ස් රජුට සැක්තමක් බ්‍රිතානයේ තෙවැනි චාල්ස් රජු ට සැත්කමක් කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සැත්කම සිදුවන්නේ, චාල්ස් රජුගේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහාය. 18 January 2024
හවුති සටන්කාමීන් ගෝලීය ත්රස්තවාදීන් - බයිඩන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරමින්, නැව්වලට පහර දෙන, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගෝලීය ත්රස්තවාදීන් ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 18 January 2024
පාකිස්තානයත් ඉරානයත් ඇවිලෙයි ඉරානයෙන් පාකිස්තානයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, ඉරානයත් පාකිස්තානයත් අතරේ හිතවත්කම් පළුදු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 18 January 2024
ගාසාවට මානුෂීය ආධාර එයි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, විපතට පත්වී සිටින ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැනුණි. 17 January 2024
උතුරු දකුණු කොරියා ඇයිහොඳයිකම් අවසන් දකුණු කෙරියාව සමඟ සියලු සබඳතා අවසන් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි. තව දුරටත් දකුණු කොරියාව සමඟ එක්සත්ව කටයුතු කළ නොහැකි බවත්, උතුරු කොරියාවේ ප්‍රධාන සතුරා දකුණු කොරියාව බවත් නායක කිම් ජොන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත. 17 January 2024
පුටින් මෝදි අතරේ විශේෂ සාකච්ඡාවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ විශේෂ දුරකතන සාකච්ඡාවක් පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 January 2024
ඉරානයෙන් පාකිස්තානයට මිසයල ප්‍රහාරයක් පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ගම්මානයකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඉරාන විප්ලවීය හමුදාව සහ බුද්ධි අංශය පවසා ඇත්තේ මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානයේ සතුරන් ලෙස සැලකෙන බලුකිස්තානයේ ක්‍රියාත්මක ‘බලුචි’ බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කරගෙන බවය. 17 January 2024
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026