
ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාවේ ජනාධිපතිවරණය ඊයේ (28) පැවැත්විණි. වසර 11ක් තිස්සේ බලයේ සිටින ජනාධිපති නිකලස් මදුරෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ තව දුරටත් ජනාධිපති ධුරයේ රැදී සිටීමේ අපේක්ෂාවෙනි.
මිලියන 21 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. මදුරෝ නියෝජනය කරන්නේ ‘එක්සත් සමාජවාදී’ පක්ෂයයි. මෙම පක්ෂය වෙනිසියුලාවේ බලයේ සිටින්නේ වසර 25 කට වැඩි කාලයක පටන්ය.
දශක ගණනක් තිස්සේ වෙනිසියුලාව ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටී. ඇමෙරිකාව ද වෙනිසියුලායට සම්බාධක රැසක් පනවා ඇති අතර, ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට එය හේතුවක් බව ද පැවැසෙයි.
මේ වනවිට මිලියන 7 කට වැඩි වෙනිසියුලානුවන් පිරිසක් රට හැර ගොස් තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd