කේට් කුමරියටත් පිළිකාවක් වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 23 March 2024
කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේ වනවිට කුසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන වූ කේට් අතුරුදන් බවට රාවයක් පැතිර යෑමත් සමඟය. 23 March 2024
හයිටියේ ඉන්දියානුවන් ඉවත් කරගන්න මෙහෙයුමක් අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අස්ථාවර වූ හයිටි රාජ්‍යයේ සිටන ඉන්දියානුවන් එරටින් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව ඉන්දීය රජය පවසයි. 22 March 2024
ඇෆ්ගන් බැංකුවට අයි.එස්. ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නුවර මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එල්ල විය. එම ප්‍රහාරයෙන් 21 දෙනකු මියගිය බවත් 15 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. ඇෆ්ගනිස්තානයේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්රස්තයන් එම බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත. 22 March 2024
දිල්ලි මහ ඇමැති අත්අඩංගුවට දිල්ලි මහ ඇමැතිවරයා මෙන්ම, දූෂණ විරෝධී ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ, දූෂණ චෝදනා සම්බන්ධයෙනි. 22 March 2024
පාකිස්තාන අගමැති වැටුප එපා කියයි රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 21 March 2024
ලොව සතුටුම රට ෆින්ලන්තය ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. 20 March 2024
පාකිස්තානයේ භූමි කම්පාවක් පාකිස්තානය අලුයම, භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක් ලෙසය. 20 March 2024
හයිටියට දෙවි පිහිටයි සන්නද්ධ අපරාධ කල්ලි සිදු කරන ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, අරාජික වූ හයිටි රාජ්‍යය බේරා ගැනීමට දැන් හැකියාව ඇත්තේ, දෙවියන් වහන්සේ ට පමණක් බව බීබීසී පුවත් සේවය පවසයි. 19 March 2024
ඔබාමා සුනාක් හමුවෙන්න ගිහිල්ලා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ රිෂී සුනාක් අතරේ සුහඳ හමුවක් පැවැත්විණි. ඒ, ඔබාමා, සිය පෞද්ගලික සංචාරයක් සඳහා බි්රතාන්යයේ ලන්ඩන් නුවරට ගොස් සිටිද්දීය. 19 March 2024
උතුරු කොරියාව දකුණට මිසයිල යවයි උතුරු කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් දකුණු කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත. 18 March 2024
ඉන්දීය මැතිවරණය අප්‍රේල් 19 වැනිදා ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. 18 March 2024
මෝදිට භූතානයෙන් ඇරැයුමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතාන රජුගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි. 18 March 2024
ගාසා දරුවෝ 13,000 ක් මැරිලා ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන දරුවන් 13,000 ක් මියගොස් ඇති බවත්, මේ වනවිට තවත් දරුවන් බොහෝ දෙනකු කුසට අහරක් නොමැතිව හාමතේ පසුවන බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි. 18 March 2024
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක් ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි. 18 March 2024
අයිස්ලන්ත ගිනි කන්ද අයෙත් පුපුරයි අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇති බැවින්, අයිස්ලන්තයේ දකුණු දිග ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත. 17 March 2024
ඇෆ්ගනිස්තානයේ මාරක අනතුරක් ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් පළාතේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනකු ජිවිතක්ෂයට පත් වුණු බව වාර්තා වේ. 17 March 2024
ඇන්ටාක්ටිකාවේ කුරුලු උණ ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවීන් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 March 2024
පුටින් ඔන්ලයින් ක්‍රමයට ඡන්දය දාලා රුසියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඊයේ (15) දිනයේය. 16 March 2024
රුසියන් ජනපතිවරණය: පුටින්ට අභියෝගයක් නෑ රුසියන් ජනාධිපතිවරණය අද (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 15 March 2024
සංක්රමණිකයෝ 60 ක් මූදට බිලි වෙති මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මුහුදේ ගිලී ගියේ, ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් බෝට්ටුවකි. 15 March 2024
ටයිටැනික් නැවේ අනුරුවක් ටයිටැනික් නැව ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියානු ජාතික ක්ලයිව් පාර්මර් නම් බිලියනපතියා සූදානම් වෙයි. ටයිටැනික් 2 යනුවෙන් නම් කෙරෙන මෙම නැව, 2027 දී සදම්ප්ටන් වරායේ සිට නිව්යෝර්ක් බලා යාත්‍රා කරවීමට ද නියමිතය. 15 March 2024
ජපානය භූමි කම්පාවකින් දෙදරයි ජපානයේ ෆුකුෂිමා පළාත, රික්ටර් මාපකයේ 5.8 ක ප්රබලත්වයෙන්සටහන් කළ භූමි කම්පාවකින් දෙදෙරා ගියේය. 15 March 2024
බටහිර බෙංගාල මහ ඇමැතිනිය වැටිලා ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මමතා බෙනර්ජී, නිවසේ ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කෙරුණි. 15 March 2024
යකඩ පෙනහලු මිනිසා මියයයි තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසුම් හෙලුවේය. 14 March 2024
රුසියන් ජනපතිවරණය හෙට රුසියන් ජනාධිපතිවරණය හෙට (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 14 March 2024
කොරියා නායකයා යුද ටැංකියක් පදවයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් යුද ටැංකියක් පදවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට විදෙස් හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත. 14 March 2024
රුසියාව න්‍යෂ්ටික යුද්ධයකට සූදානම් රුසියාව තාක්ෂණික වශයෙන් න්‍යෂ්ටික යුද්ධයට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවීමක් කර තිබේ. 14 March 2024
ඉන්දියාව නවසීලන්තය ගිවිසුම් රැසකට අත්සන් තබයි දේශපාලන, වෙළෙඳ, ආර්ථික, ආරක්ෂාව, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්, ඉන්දියාව සහ නවසීලන්තය අතරේ ගිවිසුම් කීපයකට අත්සන් තැබුණි. 14 March 2024
ජපන් පළමු පෞද්ගලික චන්ද්‍රිකාව උඩ යද්දී පුපුරයි ජපාන පෞද්ගලික සමාගමක්, පළමු වරට, චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. ‘ස්පේස් වන්’ නමින් නම් කළ එම චන්ද්‍රිකාව, උඩු ගුවනට යැවීමට සැලැසුම් කර තිබුණේ ජපානයේම නිෂ්පාදිත ‘කරියෝස්’ නමින් නම් කළ රොකට්ටුයේ ආධාරයෙනි. 13 March 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026