
මේ සතිය අවසන් වීමට පෙර, ඉරානය, ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇතැයි ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු අඟවයි. එම අනතුරු ඇඟවීම සැලකිල්ලට ගනිමින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ යුරෝපා රටවල රාජ්‍ය නායකයන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි.
‘ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනවා. එම ප්‍රහාරය බිහිසුණු එකක් විය හැකියි. ප්‍රහාරය කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද විශාල අර්බුදයක් ඇති කිරීමට ඉඩ තිබෙනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, වීඩියෝ තාක්ෂණය සහ දුරකතන මාර්ග ඔස්සේ යුරෝපා රටවල රාජ්‍ය නායකයන් හමුවෙමින් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය අභිමානය බේරාගන්න නම් ඊශ්‍රායලයට ගහන්න ඕනේ.. ගැහුවොත් ඊශ්‍රායලයේ උපායට ඉරානය හසු වෙලා.. ඉරාකයට වෙච්චි දේ වෙනවා...