
ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වී ආපසු දකුණු කොරියාවට ආ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ඔලිම්පික් කණ්ඩායමේ ගමන් මලු ඇතුළු බඩු බාහිරාදිය, සෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී සෝදිසි කිරීමකට ලක් කෙරුණි.
එම සෝදිසි කිරීම සිදු කරනු ලැබුවේ, එක් බලු සුරතලකු විසිනි. දකුණු කොරියානු බලධාරීන්, බීගල් වර්ගයට අයත්, ‘සෙකෝ’ නමැති අවුරුදු දෙකක් වයස මෙම බලු සුරතලා ලවා ඔලිම්පික් කණ්ඩායමේ ගමන් මලු ඇතුළු බඩු බාහිරාදිය සෝදිසි කළේ ‘ඇඳ මකුණන්’ සිටීදැටි සෙවීමටය.
ලේ උරා බොන ඇඳ මකුණු වසංගත තත්ත්වයන්, ලොව රටවල් බොහෙමයකට තර්ජනයකි. වසර ගණනක් තිස්සේ දකුණු කොරියාව, ඇඳ මකුණු තර්ජන තුරන් කළ රටක් ලෙස සැලකිණි.
කෙසේ නමුත්, ‘කොවිඩ් 19’ වසංගතය අවසන් වීමෙන් පසුවය. දැන් යළි ඇඳ මකුණන් දකුණු කොරියානුවන්ට තර්ජනයක් වී ඇත. එහෙයින්, ගුවන්තොටුපොළවලදී මකුණන් සෝදිසි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත්තේ දකුණු කොරියානු රජය, එරට වසංගත රෝග පාලන ඒජ්න්සිය එක් වෙමිනි.
ඒ අනුව, ‘සෙකෝ’ බලු සුරතලා විශේසයෙන් පුහුණු කර ඇත්තේ, ඇඳ මකුණන් සෙවීමටය. මෙම බලු සුරතලාට සියයට 95 ක් නිවැරදිව, ඇඳ මකුණන් සොයා ගැනීම කළ හැකි බව පැවැසෙයි. ඇද මකුණන් නිකුත් කරන ෆෙරමෝනයක් අනුවය.
මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී දකුණු කොරියාව රන් පදක්කම් 13 ක් ඇතුළු පදක්කම් 32 ක් දිනා ගත්තේය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු 140 දෙනෙක් ඔලිම්පික් කණ්ඩායමට ඇතුළත් වූහ. ‘සෙකෝ’ ඔවුන් සියලු දෙනාගේම බඩු බාහිරාදිය සෝදිසි කළ බව සෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1569
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔලිම්පික් ගිය පිරිස සෝදිසියට දකුණු කොරියා බලු සුරතලෙක්