
එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තමන් තීරණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට කරුණු පැහැදිලි කළේය. ඒ, බයිඩන්, එම තීරණය ගැනීමෙන් පසු, සිය පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක් වෙමිනි.
තමන් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපති කමලා හැරිස් ඒ සඳහා නම් කළේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට බව බයිඩන් පැහැදිලි කළේය. තම වයස තමන්ට බාධාවක් වූ බව ද බයිඩන් එම සම්මුඛ සාකච්ඡාවේදී පිළිගත්තේය.
ඇමෙරිකාව් ප්‍රජාතන්ත්‍රවාදව තහවුරු කිරීමට නම්, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් නොවිය යුතු යැයි ද ජෝ බයිඩන් අවධාරණය කළේය. තමන් නම් කළ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකාවට පූර්ණ සහාය ලබා දෙන්නැයි ද බයිඩන් සමස්ත ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බයිඩන් කරුණු පහදයි