
ගාසා තීරයේ තවත් පාසල් දෙකකට ඊශ්‍රායල හමුදාව පහර දුන්නේය. පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව, එම ප්‍රහාරයෙන් පලස්තීන වැසියෝ 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අසරණ වී, උන්හිටිතැන් අහිමි පලස්තීන වැසියන් ආරක්ෂාව පවා රැඳී සිටින්නේ ගාසා තීරයේ පාසල් ගොඩනැගිලිවලය. ඊශ්‍රායල හමුදා එම පාසල් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, ගාසා පලස්තීන වැසියන් අතරේ හමාස් සටන්කාමීන් ද සිටින බැවිනි.
මේ වනවිට ගාසා තීරයේ පාසල් 11 කට ඊශ්‍රායල හමුදා පහර දී ඇති අතර, පාසල්වලට පමණක් එල්ල කළ ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් ගණන 150 ක් බව ද පැවැසෙයි. පාසල්වලට එල්ල වුණු එම ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ බොහෝ දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd