
ඉන්දියාවේ මගී දුම්රියක්, පීලි පැනීමෙන්, එහි ගමන් කරමින් සිටි දෙදෙනකු මියගිය බවත්, විසි පස් දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
‘හොවාරා එක්ප්‍රෙස්’ නමැති එම දුම්රිය පීලි පැනීමට ලක්වූයේ, ජර්කාන්ද් ප්‍රාන්තයේදීය. පීලී පැනීමට ලක් වූයේ මුම්බායි බලා ධාවනය වෙමින් පැවැති දුම්රියක් බව ද පැවැසෙයි. පීලි පැනීම සිදුවූයේ අලුයම 3.45 ට පමණය.
දුම්රියට මැදිරි 18 ක් සම්බන්ධ කර තිබුණු අතර, ඒවායින් වැඩි ගණනක් පෙරළී දුම්රිය මාර්ගයෙන් ඉවතට විසිවී තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd