
ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ වායු පිස්තෝල වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වී, තුර්කිය වෙනුවෙන් රිදී පදක්කම දිනූ තුර්කි වෙඩි තැබීමේ ශූරයා යූසුෆ් ඩිකේක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු කතාබහක් නිර්මාණය වී තිබේ.
ඒ, 51 ක් හැවිරිදි යූසුෆ් ඩිකේක් සෙසු තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අභිබවා කැපී පෙනීම නිසාය. සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් ඇසක් ආවරණය කර ගෙන, කන් ආරක්ෂා වීමට ආවරණ පැලඳ සිටි නමුත්, සාමාන්‍ය සරල සුදු පැහැති ටී ෂර්ටයකින් සැරැසී සිටි යූසුෆ් ඩිකේක්, එක් අතක් සාක්කුවේ දමා ගෙන බොහොම සැහැල්ලුවෙන් ඉලක්කයට වෙඩි තබා රිදී පදක්කම දිනා ගත්තේය.
වායු රයිෆල් තරගයකින් තුර්කිය ඔලිම්පික් පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙයයි.
යූසුෆ් ඩිකේක්, සැහැල්ලුවෙන් සහ කිසිදු ආයාසයකින් තොරව, මෙසේ වෙඩි තබන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය කැලැඹීමට සමත් විය. ඒ, තුර්කිය ඔවුන්ගේ ‘හිට්මෑන්’ කෙනෙකු ඔලිම්පික් යවා ඇතැයි පවසමිනි. ‘හිට්මෑන්’ යනු ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වන ඝාතකයෙකි.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිදී පදක්කම දිනූ තුර්කි ‘හිට්මෑන්’
Bunny Preena Friday, 02 August 2024 10:33 AM
නටන්න බැරි මිනිහා පොලොව ඇදයි කිව්වා වගේයි
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 02 August 2024 02:24 PM
අපේ ශ්‍රී ලංකාවෙත් ඔය වගේ හිට් මෑන් ලා ඕන තරම් ඉන්නවා.