
මාවල් චිත්‍රපටවලින් ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් ලෙස ලොව පුරා ලොකු කුඩා කාගේත් ආදරය දිනූ හොලිවුඩ් නළු රොබට් ඩවුනි ජූනියර්, යළිත් වරක් මාවල් ස්ටුඩියෝස් සමඟ එක් වී, මාවල් චිත්‍රපටවලට රංගනයෙන් දායක වීමට සූදානම් වෙයි. ඒ, ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන් ලෙස නොව තවත් මාවල් චිත්‍රකතා චරිතයක් වන ඩොක්ටර් ඩූම් ලෙසය.
අයන් මෑන් සහ ටෝනි ස්ටාක් වීරයකු වුවත්, ඩූම් වීරයකු ලෙස සැලකෙන්නේ නැත. ඉදිරියේ දී නිර්මාණය වන 'ෆැන්ටෑස්ටික් ෆෝ' චිත්‍රපටයේත්, 'ඇවෙන්ජර්ස්: ඩූම්ස් ඩේ' චිත්‍රපටයේත් ප්‍රබල නපුරා වනු ඇත්තේ ඩොක්ටර් ඩූම් යැයි පැවැසෙයි.

ටෝනි ස්ටාක් හෙවත් අයන් මෑන්ගේ චරිතය මාවල් චිත්‍රපටවලට සමු දුන්නේ 'ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම්' චිත්‍රපටයෙන් පසුවය.
ඉන්පසු රොබට් ඩවුනි ජූනියර් කිසිදු මාවල් චිත්‍රපටයකට රංගනයෙන් එක්වූයේ නැත.
මාවල් ස්ටුඩියෝ සභාපති කෙවින් ෆයිජි, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රොබට් ඩවුනි ජූනියර්, ඩොක්ටර් ඩූම් ලෙස යළි මාවල් චිත්‍රපටවලට එක්වන බව පැවැසීම සමාජ මාධ්‍ය කැලැඹූ පුවතක් වී අවසන්ය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයන් මෑන් නපුරෙක් වෙයි