
එක්සත් රාජධානියේ සවුත්පෝර්ට් පළාතේ, කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වුණු නර්තන වැඩමුළුවකදී සිදුවුණු පිහි ඇනුමකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිහි ප්‍රහාරය එල්ල කළේ යැයි 17 හැවිරිදි තරුණයකු පොලිස් අඩංගුවට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ සෙසු කුඩා දරුවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද පැවැසෙයි.
පිහි ප්‍රහාරය සම්බන්ධයෙන් කම්පනයට පත් වුණු තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා ඇත්තේ, එය ‘අතිශව බිහිසුණු’ සිදුවීමක් බවය. ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd