පැරිස් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේ දී දකුණු කොරියානු ක්‍රීඩකයන්, උතුරු කොරියානු ක්‍රීඩකයන් යැයි හඳුන්වා දීම හේතුවෙන් ඔලිම්පික් සංවිධායකයන්ට, දකුණු කොරියාවෙන් සමාව ඉල්ලීමට සිදුවිය.
පැරිස් ඔලිම්පික් උළෙලේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ සෙන් නදිය ආශ්‍රිතවය. සමාරම්භක උළෙලේ දී රට රටවල ක්‍රීඩකයන් ඔවුන්ගේ ජාතික ධජ අතැතිව, බෝට්ටු ආධාරයෙන් සෙන් නදිය දිගේ පාවී එද්දී, විස්තර විචාරක කටයුතු සිදුවිය.
දකුණු කොරියානු කණ්ඩායම එසේ පැමිණෙද්දී, ප්‍රංශ මෙන්ම ඉංග්‍රීසි විස්තර විචාරකයන් ද පැවැසුවේ, දකුණු කොරියානු ක්‍රීඩකයන් පැමිණෙන බව නොව, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැමිණෙන බවය. කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය යනු උතුරු කොරියාවය.
ඉන්පසුව, උතුරු කොරියානු ක්‍රීඩක කණ්ඩායම ජාතික ධජය ද සමඟ පැමිණෙද්දී, විස්තර විචාරකයන් ඔවුන් කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස නිවැරදිව හඳුන්වා දීම සිදුවිය.
මෙම සිදුවීම සම්බන්ධයෙන්, දකුණු කොරියානු ක්‍රීඩා අමත්‍යාංශය, ප්‍රංශ ඔලිම්පික් සංවිධායකයන්ට පැමිණිලි කර ඇති අතර, ඔලිම්පික් සංවිධායකයෝ දකුණු කොරියාවට කනගාටුව පළ කර දකුණු කොරියාවෙන් සමාව ඉල්ලීමට ද පියවර ගත්හ.
මෙවර ඔලිම්පික් උළෙලට දකුණු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 143 දෙනකු සහභාගී වෙති. ඒ, ඉසව් 21 ක් යටතේය. උතුරු කොරියාවෙන් ඔලිම්පික් උළෙලට සහභාගී වන්නේ ක්‍රීඩකයන් 16 දෙනකු පමණි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඔලිම්පික් සංවිධායකයෝ දකුණු කොරියාවෙන් සමාව ඉල්ලති