
නවසීලන්ත කාන්තාවකට එරට අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය. ඒ, ඇය ඇගේ බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දී එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වීමත්, අවසානයේ දී මියයෑමත්, හේතුවෙනි.
මියයද්දී, නුගායි නමැති මෙම බලු සුරතලාගේ බර කිලෝ 53 ක් බව ද පැවැසෙයි.
නුගායි වෙනුවෙන් ඇගේ හිමිකරුට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත් වූයේ සත්ව හිංසනය වෙනුවෙන් පෙනී සිටින ‘ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්’ ආයතනයයි.
සිර දඬුවමට අමතරව, හිමිකාරිනායට නවසීලන්ත ඩොලර් 720 ක දඬ මුදලක් ද නියම කළ අතර, බල්ලන් ඇති කිරීම සම්බන්ධයෙන් තහනමක් ද පැනැවිණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න රටවල්. මෙහෙ ඇතිකරන බල්ලන් වයසට ගියාම ගෙදරින් පන්නන එව්වා දැක්කොත්
සේපාල මස්සිනා ඔයා අනූනමයෙන් බේරුනේ...!!