IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුඩා දරුවෝ 12 ක් මියයති

ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින, ගෝලාන් කඳුකර ප්‍රදේශයේ, පිට්ටනියකට රොකට් ප්‍රහාරයක් එල්ල විය. 

එම ප්‍රහාරයෙන් පිට්ටනියේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි කුඩා දරුවන් සහ තරුණයන් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් කීප දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය ද බරපතළ බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ප්‍රහාරය එල්ල කළේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් යැයි ඊශ්‍රායල හමුදාව චෝදනා කළත්, තමන් එම ප්‍රහාරයට සම්බන්ධ නැතැයි හිස්බුල්ලා තරයේ පවසයි. ප්‍රහාරය එල්ල වූයේ ලෙබනනයේ ගම්මානයක සිට යැයි ද ඊශ්‍රායල හමුදාව පෙන්වා දී ඇත.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ද ගාසා අර්බුදය මුල්කොට ගනිමිනි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ සහාය හිමිවෙයි. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයට පහර දෙද්දී, පලස්තීන සිවිල් වැසියන් මියයෑම මුල්කොට ගනිමිනි.

මිසයිල ප්‍රහාරය එල්ල වූයේ ගෝලාන් කඳුකර ප්‍රදේශයේ මජ්ඩාල් ෂාම්ස් නගරය ආසන්නයේ ඇති ක්‍රීඩා පිට්ටනියකටය. ගෝලාන් කඳුකරය යනු ඊශ්‍රායලයට සහ සිරියාවට මැදිව පිහිටි සානුවකි. මෙහි වර්ග කිලෝ මීටර් 1,200 ක ප්‍රදේශයක් ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටී. දේශයේ මජ්ඩාල් ෂාම්ස් නගරය ද අයත් වන්නේ එසේ අත්පත් කරගනු ලැබ සිටින ප්‍රදේශයටය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කුඩා දරුවෝ 12 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site